ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් විසි දහස ඉක්මවීමත්, මෙම මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් වීමත් හේතුවෙන් වැටුපෙන් ලබන ඉතිරි මුදලට කුමක් කරනුයේ දැයි ඔබටම සිතා ගත නොහැකිව ලතවෙනවා ඇත. මෙම කනස්සල්ලෙන් මිදීමට ඇති එකම ක්‍රමය වනුයේ මෙම ඉතිරිවන මුදල මාසිකව වාරිකයක් ලෙස ගෙවමින් අලුත්ම අලුත් සුපෝප බෝගී වාහනයක් හිමි කරගැනීමය.

ඔබ වාහන සිහිනය තව දුරටත් සිහිනයක් කොට නොගන්න, ඔබට හිමි වාහනය කුමක්දැයි ඔබම තීරණ කරන්න. ඔබගේ වැටුපෙන් මිලදී ගත හැකි වාහනය කුමක්දැයි තීරණය කිරීම සඳහා එක්සෙල් හී භාවිත වන ශ්‍රිතයක් වන PMT යන ශ්‍රිතයත් එහි ම ඇති Goal Seek පහසුකමත් භාවිත කරනු ලබන අන්දම විමසා බලමු.

PMT යන ශ්‍රිතය භාවිත කොට ලබාගන්නා ණය මුදලක් සදහා ගෙවිය යුතු මාසික වාරිකය කුමක්දැයි විමසා බැලිය හැකිය. මේ සඳහා ඔබ විසින් ලබා ගන්නා ණය මුදලත්, මාසික පොලියත්, වාරික සංක්‍යාවත් ඇතුලත් කළ යුතුය. PMT ශ්‍රිතයෙහි රූපය

= PMT ( rate , nper , pv , fv , type )

rate - වාරිෂික පොලිය, nper - ණය මුදල ගෙවීමට ගන්නා කාලය ,pv - ණය මුදල

මෙහිදී අපට මෙහි මුල් කොටස් තුන පමණක් භාවිත කරමින් අපගේ මාසික වාරිකය මෙම ශ්‍රිතය ආශයෙන් ලබාගත හැකිය.මෙම රූපයේ දැක්වෙන ආකාරයට ඔබ විසින් B1 සෙල් එකෙහි ඔබ ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන ණය මුදල ලෙස රු 10000 ක් ඇතුළත් කරන්න. මෙම PMT ශ්‍රිතය B4 සෙල් එකෙහි සටහන් කරන්න.

මෙහිදී B2 හි සටහන් කොට ඇත්තේ වාර්ෂික පොලිය බැවින් එය මාසික පොලියක් බවට පත්කිරීම සඳහා B2/12 ලෙසත්, B3 හී වාරික ගණන 60 ලෙස සටහන් කරනු ලැබුවේ අවුරුදු පහකින් ගෙවීමට අපේක්ෂා කරනු ලබන බැවින්ය. ශ්‍රිතයේ දෙවැනි කොටස ලෙස ඇතුළත් කරන්න, මෙහිදී අවසාන වශයෙන් -B1 ලෙස සටහන් කිරීමෙන් අපගේ ණය මුදල හදුන්වා දෙන්න.

දැන් මාසික වාරිකය ලෙස 276.19 යක මුදලක් ලැබෙනු ඇත. දැන් ඔබ විසින් ණය මුදල ලෙස ඇතුළත් කළ මුදල මකා දමා 0 සටහන් කරන්න. දැන් අපගේ වාහන සිහිනය සැබෑ කරගැනීම සඳහා ලබාගත හැකි ණය මුදල සොයා ගමු.

මේ සඳහා ඔබ විසින් එක්සෙල් Data ටැබය තෝරා එහි Data Tools යටතේ දැක්වෙන What-If-Analysis යන්න තෝරා ගනිමු. මෙහි දැක්වෙන Goal Seek යන්න මින් තෝරාගන්න. දැන් ඔබ විසින් Set cell ලෙස මාසික වාරිකය ලබාගැනීමට භාවිත කළ PMT ශ්‍රිතය ඇතුළත් කළ සෙල් එකත්, ඔබට ගෙවිය හැකි මාසික වාරිකය වන 10500 To values යටතේත්, By changing cell යටතේ ණය මුදල ඇතුළත් කළ ස්ථානය වන B1 සටහන් කරන්න. දැන් මෙහි OK බොත්තම තෝරාගන්න.

ඔබට ලබාගත හැකි උපරිම ණය මුදල B1 හී දැක්වෙනු ඇත. ඉතින් මෙම මුදලට හිමි වාහනය ඔබ විසින් තීරණය කරන්න.

අද පාඩමේ සාරාංශය.

PMT ශ්‍රිතය හදුනා ගැනීම

Goal Seek පහසුකම හදුනා ගැනීම (ශ්‍රිතයක් හෝ සමීකරණයක් මගින් නොදන්නා අගයක් වෙත යාමට මෙම පහසුකම භාවිත කළ හැකිය.)

තමාට සුදුසු වාහනය කුමක්දැයි තීරණය කිරීම.

මෙම වාහනයට වඩා අනර්ග වාහනයක් ඔබ ලබාගැනීමට අපේක්ෂා කරයි නම් ඔබ විසින් කළ යුතු කාර්යය හදුන්වා දීමත් මාගේ යුතුකමක් කොට සලකමි. මේ සඳහා ඔබගේ භාර්යාවගේ පිහිට හා ආරක්ෂාව පැතිය හැකිය. සෑම දිනකම වැඩ ඇරී ගෙදර එන ඔබ විසින් පාන්පිටි කිලෝ ග්රෑම් එකක් ගෙවිත් දෙන්න. ඒ සඳහා ඔබ විසින් ගෙවිය යුත්තේ රුපියල් 96 ක් පමණි. ඔබගේ ආදරනීය බිරිද එය ඉදිපන් 450 බවට පත් කරනු ඇත.

අද පාඩමින් අසන ප්‍රශ්නය.

මරුටි රථයක් මිළදී ගැනීම සඳහා බැංකු ණයක් ලබාගැනීමට අපේක්ෂා කරයිනම් ඒ සඳහා මාසිකව ගෙවිය යුතු මුදල සඳහා වැටුපෙන් දක්වන දායකත්වයට අමතරව බිරිද ඉදිආප්ප සාදා දෙවීයැයි යන උපකල්පනය මත දෛනිකව බිරිදට සැපයිය යුතු පිටි ප්‍රමාණය ගනන් බලන්න මේ සඳහා Goal Seek පහසුකම භාවිත කරන්න.

මා විසින් නිදහස් කරගත් වාහනය