රාජකාරි බහුල වූ විට හෝ සවස කාර්යාලයෙන් බැහැරව සිටින විට ඔබගේ පරිගණකය අතපසුවීමෙන් Off කිරීමට අමතක වනු ඇත. බොහෝ අවස්ථාවල නැවත කාර්යාලයට පැමිණ පරිගණකය Off කිරීම කළ නොහැකි කාර්යක් වේ. නමුත් ඔබ කලබල විය යුතු නොවේ. පරිගණකය Off කිරීමට සඳහා මේල් එකක් ඔබට භාවිත කළ හැකිය. Outlook විසින් ඔබගේ පරිගණකය Off කිරීමේ ක්රියාවලිය ඔබ වෙනුවෙන් කරනු ඇත. පහත පියවරයන් පිළිවලින් කරන්න.
- Notepad විවෘත කරගන්න.
start shutdown -s ලෙස සටහන් කරන්න.
දැන් එය ගබඩා කරීම සඳහා කැමති නමක් යොදන්න නමුත් File නාමයට පසුව .bat ලෙස ලබාදෙන්න. උදාහරණයක් ලෙස OffMyComputer.bat ලෙස නම යොදන්න. Save as type යටතේ ඇති All File යන්න තොරාගෙන Save කරගන්න.
- Outlook විවෘත කරගන්න