SHARE
 
ඔබ ටයිප් කරන යමක් ශබ්ධ නගා කියවන වැඩසටහක් ලියන්න  ආස ඇති. නමුත් අකුරින් අකුර ශබ්ධ ගබඩා කරලා ඒක ශබ්ධ වෙන්න ඒ ආකාරයේ වැඩසටහනක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා ඔබට හිතන්න ඇති. ඒ නිසාම ඔබ එහෙම වැඩසටහනක් ලියන්න උත්සාහ නොකරන්න ඇති. නමුත් අපි පේළි තුනකින් ඔබ සිතූ පරිගණක වැඩසටහන ලියමු. 
 
පළමුව Visual Studio වලට ගොස් New Project යන්න තෝරා Windows Forms Application යන්න තෝරාගන්න. පසුව ඔබගේ වැඩසටහන සඳහා සුදුසු නමක් සටහන් කොට OK යන්න තෝරාගන්න.
 
 
 
පසුව ඔබ වෙත ලැබී ඇති Form එකෙහි TextBox එකක් හා Button එකක් ඇතුළත් කරගන්න.පසුව Solution Explorer හී දැක්වෙන Reference යන්න right click කිරීමෙන් පසුව Add Reference… යන්න තොරා ගන්න පසුව ලැබෙන කවුළුවෙන් System.Speech යන්න  හඳුන්වා දෙන්න
 
 
පසුව ඇතුළත් කොට ඇති Button එක ද්වික්ලික් කිරීමෙන් අනතුරුව පහත විධාන කිහිපය සටහන් කරන්න
 
var myVoice = new System.Speech.Synthesis.SpeechSynthesizer(); 
myVoice.SetOutputToDefaultAudioDevice();
myVoice.Speak(textBox1.Text);
දැන් සැකසූ වැඩසටහන Run කරන්න මොකද ඔබ TextBox හි ඇතුළත් කරනු ලබන සටහන Button එක ක්ලික් කර පසුව හඩ බවට පරිවර්තනය වනු ඇත. මොකද හිතෙන්නේ අපි සමහර විට අමාරුයි කියලා හිතන දේවල් කරන එක කොච්චර ලේසි දෙයක්ද? Visual Studio හා C# ඔබ ඉක්මනින්ම පරිගණක වැඩසටහන් කරුවෙකු කරනු ඇත. 
 
ඔබගේ අදහස සටහන් කරන්න. අපි තව පරිගණක වැඩසටහකින් හමුවෙමු.


NO COMMENTS

LEAVE A REPLY