සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන.
නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට අවශ්‍ය පරිදි ඒ සඳහාම වන පොරමයන් සකසා ගැනීමටත්. එම පොරමයෙහි පරිශීලකයන් විසින් ඇතුළත් කරනු ලබන දත්තයන් ඉතා පහසුවෙන් විශ්ලේෂණය කිරීමටත් මෙමගින් අපට පහසුකම් ලබාදෙනු ලබයි. පරිශීලකයන් විසින් ඇතුළත් කරනු ලැබූ දත්ත වෙනමම එක්සෙල් ගොනුවක් ලෙස අපට ලබාගැනීමට මෙහිදී පහසුකම් ලබාදෙනු ලබයි.
ඔබ විසින් සකසුනු ලබන පෝරමයෙන් එහි දත්ත ඇතුළත් කරන්නාගෙන් දත්ත එක්රැස් කරගැනීමට අමතරව ඔවුන්ගෙන් අසන ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු අනුව නිවැරදි පිළිතුරු ලබාදී ඇතිද යන්නත් අපට දැනගැනීමට හැකියාව ඇත. මෙම පහසුකම භාවිත කරමින් කුඩා ප්‍රශ්ණ පත්‍රයක් සැකසීම වැනි ක්‍රියාවලියක් වුව කළ හැකිය.
Office 365 Forms
ඔබ විසින් Office 365 වෙත පිවිසුනු පසුව එහි ඉහල වම්පස ඇති App Launcher අයිකනය ක්ලික් කළ පසුව Forms යන්න ක්ලික් කිරීමෙන් Office 365 හී ඇති Forms පහසුකම වෙත ප්රවිශ්ඨ විය හැකිය.
මෙහි ඇති අනෙක් App සේම මෙයද වෙබ් ඇප් එකක් ලෙස වෙබ් බ්‍රවුසරයෙහි ක්‍රියාත්මක වේ.
මෙහි ආරම්භක තිරය ලෙස පහත පරිදී දැක්වෙනු ඇත.