ජීවිතය මහ පුදුමාකාර දෙයක් නොවේද? අද අපට කළ නොහැකි යැයි සිතූ ඇතැමයක් හෙට දින කළ හැකිය. අද අප කළ හැකියැයි සිතාගෙන සිටින ඇතැම්දේ අද කෙසේ වෙතත් හෙට දින නම් කළ නොහැකි වනු ඇත. ලෝකය අපට නොදැන බ්‍රමණය වන අතර තුර අපට දැනෙන වෙනස් කම් ගොඩක් මේ මිහිමත ඇති කරනු ඇත. මින් පාරිසරික වෙනස්කම් වලට වඩා වැදගත් යැයි මා සිතනුයේ තාක්ෂණ නිර්මාණ වල වෙනසයි.

මීට සතියකට පෙර

1. මා කාර්යාලයේ පරිගණකයෙහි විදුලිය විසංදි කිරීමට අමතක වූ විට මීළඟ දිනයේ කාර්යාලයට යන තෙක් පරිගණකය ක්‍ර්යාත්මක වෙමින් තිබුනි.

2. කාර්යාල ප්ර්ධානියාගේ පරිගණකයෙහි මතුවූ තාක්ෂණික ගැටලුවක් විසදීමට ලේ මස් රහිත පිලිකුල් මුහුණ දැක දැක ඔහු අසළ රැදෙන්නට සිදුවිය.

3. සැමදාම දකින කසිකබල් මූණු හා කනට අමිහිරි ඔවුන්ගේ ශබ්ද නෑ සෙන්නට ගෙදරට වී විවේකීව හිදිනා හැම දිනකම දුරකථනයෙන් කථා කොට මේක එතන නෑ, ඒක මෙතන නෑ, මොකද කරන්නේ යැයි විමසති. මේ කරදරයෙන් මිදෙන්නට බැරිම තැන ෂෝට් ලිව් එකකින් හෝ කාර්යාලයට යාමට සිදුවේ. දැන් නම් එසේ යායුතු නැත.

4. ගෙදර ගෙන ආ පෙන් එකෙහි තිබූ ලිපියක් මුද්‍රණය කිරීම සඳහා පෙන් එකෙහි තිබූ ලිපිය ඊමේල් කළ යුතුව තිබුනි.

ගෙදර ඉදන් පරිගණකය විසංදි කරන්න. ගෙදර පරිගණයේ සැකසූ ලිපිය කාර්යායේ ඇති මුද්රෙණ යන්ත්රපයකින් මුද්රඉණය කරන්න. ගෙදර ඉදන් කාර්යාලෙයේ ඇති පරිගණක වල වැඩකරන්න. එක් එක් සේවකයන් අහන සිංදු හා බයිලා ගෙදර ඉදන් අහන් දැන් ඔබටත් පුලුවන් මේ සඳහා ඔබ කළ යුත්තේ කාර්යාලයේ ජාලය හා වෙනත් ජාල එක් කොට අලුත් virtual Network එකක් සකසා ගනිමු.

මේ සඳහා Log me in මෘදුකාංගය ඔබ සකසා ගන්නා ජාලයේ ස්ථාපිත කළ යුතු අතර ම ඔබ ජාලයේ පරිගණක සියල්ල අන්තර්ජාලය භාවිතා කොට Log me in පරිශීලක යෙක් බවට පත්වීමෙන් හැසිරවීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.

ඉතින් කාර්යාලයට ඔළුව දාන්න බැරි දාට ඇඟිල්ල විතරක් භාවිත කොට සියල්ල සුපුරුදු ලෙස හසුරවමු.