එවූ ලිපිය ඔහුට ලැබුනේ නැද්ද ?

ජීමේල් හී එක් මේල්බොක්ස් එකක් විවෘත්ත කොටහෙන සිටින විට බ‍්‍රවුසරයෙහි වෙනත් කවුළුවක් ගෙන එහි ජීමේල් ලෙස සටහන් කළහොත් නැවත පරිශීලක හා මුරපදය සටහන් කරන කවුළුව වෙනුවට ඔබට ලැබෙන්නේ විවෘත කොට ගෙන සිටින ජීමේල් ලිපිනයටම අධාල තොරතුරුමය. එක් මේල් එකක් විවෘත කොටගෙන සිටින සැමවිටම වෙනත් මේල් බොක්ස් එකක් විවෘත කරගැනීමට නම් ඉන් Sign Out විය යුතුය. මෙය ඉතා කරදරකාරී ක‍්‍රියාවක් වනුයේ අපට මේල් කිහිපයක් ඇති විටය. එකම අවස්ථාවේ මේල් ගිනුම් කිහිපයක් විවෘත කරගැනීම සදහා විවෘත කොට ගතු යුතු ගිනුමෙහි settings යටතේ ඇති Grant Access to Your Account යන්නෙහි ඔබ නිතරම ලොග්වෙන මේල් ගිනුමෙහි ලිපිනය සටහන් කළ හැකිය. මෙවිට ඔබ ගේ ප‍්‍රධාන ඊමේල් ගිනුම විවෘත කරගත් පසුව එහි ඉහලින් ඔබගේ ඊමේල් ගිනුමේ නම සේම කලින් එක්කර ගත් ඊමේල් ගිනුමේ ලිපිනයත් දැක්වේ. එවිට එම ගිනුම ද විවෘත්ත කරගත හැකිය.

මෙහි භාවිතය.

මෙම පහසුකම ඔබගේ පවුලේ මේල් සදහාත් කාර්යාලයක නම් ඔබ යටතේ සිටින සියලූ දෙනාගේ ගිනුම් සඳහාත් මෙම පහසුකම ආදේශ කරගත හැකිය. බොහෝ විට කාර්යාලයකට යම් කිසි පුද්ගලයෙකු යම් අවශ්‍යථාවයක් වෙනුවෙන් එවනු ලබන මේල් අදාල රාජකාරිය කරනු ලබන සේවකයාට නොලැබී යයි. රාජයේ ආයතනයකට නම් මේල් කිරීමේන් හා එයම ෆැක්ස් කිරීමෙනුත් ඉනුත් නොනැවතී තැපෑලෙනුත් ලිපිය යොමුකලද එය අදාල රාජකාරිය කරනු ලබන පුද්ගලයාට නොලැබෙන අවස්ථා ඇත. මෙම පහසුකම කාර්යාලයේ ආදේශ කොට ගැනීමෙන් එම සේවා ලාභියාට සැබැවින්ම උදවුකළ හැකි වනු ඇත.