මා කතුවරයෙකු ලෙස පරිගණක කෘතීන් දුසිමක් ලියා පලකොට ඇත. මින් ශ්‍රී ලාංකීය ජනතාවගේ දැනුම යම් ලෙසකින් ඔසවා තබන්නට මා හට හැකියාව ලැබුනියැයි මම විශ්වාස කරමි. රාජ්‍ය සේවය ලබාගැනීමේ අත්පොත මාගේ අලුත්ම කෘතියට මා ලබා දුන් නාමයයි. වසර දහයක් රාජ්‍ය සේවයේ නියුතුව සිටි මා මෙය ප්‍රකාශයට පත් කරනුයේ එම කාලයේ රාජ්‍ය සේවකයෙකු ලෙස ලෙස ලැබූ අත්දැකීමෙන් නම් නොවේ. මෙය අපූරු කෘතියක් වනු ඇත්තේ එනිසාමය.

මෙය මා ශ්‍රී ලාංකීය පුරවැසියෙකු ලෙස ජීවිතය විදින විට හා යම් යම් රාජ්‍ය සේවා ලබාගැනීමට යාමේදී පුද්ගලිකව අසරණ වූ අවස්ථා වන් හා එම සේවා ලබාගත් ආකාරයත් විස්තර කිරීමක් වනු ඇත. මේ අනුව ගෙවත්තේ ඇති ගසක් කැපීමට බලපත්‍රයක් ලබා ගන්නා ස්ථානයේ සිට විදේශ ගත වීම දක්වා වූ සියලු සේවාවන් මා ලබාගත් ආකාරය පිළිබඳව විස්තර කර ඇත. පිලිවෙලින් කොටුවේගෙදර.com හී මෙම කෘතියේ එක් එක් සේවා ලබාගන්නා ආකාරය විස්තර කොට සටහන් කෙරෙනු ඇත.

මෙම කෘතිය කියවිය යුත්තේ ඔබ ශ්‍රී ලාංකිකයෙකු වන නිසාවෙන් මිස මෙම කෘතිය මා ලියූ නිසාවෙන් නොවේ. මෙම කෘතිය කියවන්නට මා ඔබට ඇරයුම් කරමි.