මෙලොව එළිය දකින කවර හෝ පුද්ගලයෙකු ජීවිතයේ එක් වරක්‍ හෝ තමාටම කියා නිවසක් සැකසීමේ කාර්යය කරනු ලබයි. ඔබ ලාංකීකයෙකු නම් ඔබගේ සිහිනය ඔබ තෝරාගත් ප්‍රදේශයක නිවසක් සැකසීම නම් ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඉඩම අයත් පලාත් පාලන ආයතනය කුමක්දැයි දැන ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබ ඉඩම ඇත්තේ නගර සභා බල ප්‍රදේශයකද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකද යන්න ඔබ හදුනාගන්න. ඒ අනුව අදාල පලාත් පාලන ආයතනය මගින් නිකුත් කරනු ලබන අයදුම් පත්‍රයක් ලබා ගැනීම කළ යුතුය. මේ සදහා රුපියල් 220 ක පමන මුදලක් ඔබ විසින් ගෙවිය යුතු අතර මේ සමඟ ලැබෙන අයදුම් පත නිසි පරිදි සම්පූර්ණ කිරීමයි. මෙහිදී ඔබ ඉඩමට ප්‍රවේශ විය හැකි ආකාරය ඉඩම බෙදා වෙන්කර ඇති සැලැස්ම ආදී සියලුදේද. ඔබ සැකසීමට අපේක්ෂිත නිවස ඉදිකරනුයේ ඔබට අයිති බිමක නොවේ නම් උදාහරණයක්‍ ලෙස මවගේ‍ හෝ පියාගේ නම් ඔහු හෝ ඇය විසින් ඒ සඳහා අවසර ලබාදෙන බව සනාත කිරීමක්ද අවශ්‍ය වේ. එසේම වරිපනම් ගෙවූ බිල්පත් අංක නිවරදිව සටහන් කිරීමෙන් මෙය අඩු පාඩු රහිත අයදුම් පතක් කිරීමේ කාර්යය ඔබටම කර ගත හැකිය.

ඒ සමඟම ඔබ ‍විසින් සැකසීමට අපේක්ෂිත සිහින මන්දිරය ඒ සඳහා ප්‍රවීන ඉන්ජිනේරු මහ‍ත්මයෙකු මගින් අන්දවා ගැනීම මගින් ඉතා අඩු වියදමකින් එම නිවාසය ඉදිකර ගැනීමටත් එක් එක් පලාත් පාලන ආයතන මගින් නිවසක ති‍බිය යුතුයැයි අපේක්ෂා කරන පහසුකම් හා කොන්දේසි වලට ගැලපෙන නිවාස සැලසුමක් ඔබට ලබාගත හැකිය. ‍මහ නගර සභා, හා ඇතැම් නාගරික ප්‍රදේශ වල නිවාස සැලසුම වරලත් වාස්තු විද්‍යාඥයෙකු ලවා අන්දවා ගැනීමත් ඔහු මහින් එම සැලසුම අන්දවා ගත් බවත් සනාථ කිරීමත් අනිවර්යයෙන්ම කළ යුතුය. එසේ නොමැති වුවහොත් එය ප්‍රතික්ෂේප කෙරෙනු ඇත. ඉහත කාරනා වලට අනුව ඔබ විසින් සකස් කරවා ගත් සැලසුමේ පිටපත් 3 ක්‍ හෝ ඇතැම් විට 4 ක් ඉදිරිපත් කොට ඔබගේ අයදුම් පතද සමඟ භාරදිය යුතුය. මෙහිදීද රුපියල් 320 ක වැනි මුදලක් එම සැලසුම පරීක්ෂා කිරීමමේ ගාස්තුව ලෙස ඔබ විසින් දැරිය යුතුය.

ඉහත කාරනා ඔබ විසින් නිවැරදිව කිරීමෙන් පසුව ඔබ විසින් අයදුම් පත භාරදුන්නේ නම් කිසිදු ලෙසකින් ඔබ සැලසුම ප්‍රතික්ෂේප නොවේ. වරලත් වාස්තු විද්‍යාඥයෙකු ලවාම ඔබ සැලසුම සකසා ගත යුත්තේ ඔහු එම වරලත් භාවයට ඒම සඳහා වසර 8 කට වඩා වැඩි අධ්‍යනය කාලයක් සපුරා තිබිය යුතු වීමත් ඔහු විසින් අදිනු ලබන සැලසුම එම පලාත් පාලන ආයතන නිතී රීති අකුරටම පිලි පැදීමත් නිසාය. එබැවින්ම අයදුම් පත ලබාදී පැය 24 රක් ගත වීමට මත්තෙන් අදාල පලාත් පාලන ආයතනය මගින් තාක්ෂණ නිළදාරියෙකු ඔබ සැකසීමට අපේක්ෂිත භූමියට ලග‍ාවෙන අතර ඉතා සුහද ශීලී ඔහු විසින් එම සැලසුම අනුමත කොට අදාල ආයතනය වෙත බාරදේ පසුව සතියේ දින පහේම එක් රැස්වන කන්ඩායමක් වෙත ඔබ අයදුම් පත යොමුකෙරෙන අතර දින දෙකින් හෝ තුනකින් අනුමත වූ සැලැස්ම ඔබ අතට පත් කෙරෙනු ඇත.

ඔබ අයදුම් පත බාරදුන් දින සිට සිතිය යුතු එකම කාර්යය වනු‍‍යේ නිවාසය සැකසීම සඳහා මුදල් අවශ්‍යථාවය සම්පූර්ණ කර ගනුයේ ‍කෙසේද යන්නද. එසේ නොවුනහොත් නිවාසය සැකසීම සඳහා පලාත් පාලන ආයතනය විසින් ලබාදෙනු ලබන කාල සීමාව තුළ එම කාර්යය ඉටුකරගැනීමට ඔබ අපොහොසත් වීම තුළ පලාත් පාලන ආයතනය අපහසුතාවයට ලක්වේ. රාජ්‍ය සේවයට පිං සිදු වන්නට ඉතා පහසුවෙන් එය ඔබට කරගත හැකිවනු ඇත.

ඉදිරි ලිපි


අත්දැකීම එක
ගම්පොල රත්මල්කඩුව ප්‍රදේශයේ 2001 වසරේ මා අනුමැතිය නොලබා සැකසූ නිවාසය (උඩ පලාත ප්‍රාදේශීය සභාව මධ්‍යම පලාත - ප්‍රතික්ෂේප කිරීම හා එයට දැක්වූ හේතු) අනුමත නොවූ නිවාසයක් වෙනුවෙන් විදුලිය හා ජලය ලබාගන්නා ආකාරය.

අත්දැකීම දෙක
පැලවත්ත බත්තරමුල්ල ප්‍රදේශයේ සැකසීමට අපේක්ෂිත නිවස 2010 නොවැම්බර් මස අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අයදුම්පත (කඩුවෙල ප්‍රාදේශීය සභාව බස්නාහිර පලාත -වරළත් වාස්තු විද්‍යාඥයෙකු ලවා අන්දවා අනුමත කරදුන් සැලැස්ම.)