සමහර වෙලාවට අතේ ම තියාගෙන හිටියත් ඒක නැති වෙන්න තියෙන සම්භාවිතාව සියයට සියයයි. අතේම තියාගෙන හිටියත් අමතක වෙලා ගෙදර දාලා ගියොත් ඕන වෙලාවට ඒකෙන් ප්‍රයෝජනයක් නෑ නේ. අනේ මන්දා ඒත් හැමදාම මම කළේ ඒක එක තැනක තියලා, ඒකේ කොපියක් තව තැනක තියපු එක. එහෙම තියපුවාම අවුල තමා මොන එකද අලුත් මොන එකද පරණ කියන එක. දැන් මම අතේ තියාගෙන හරි සාක්කුවේ දාගෙන හරි බැකප් තියාගෙන හරි වද විදින්නේ නෑ. දැන් මගේ එක තියෙන්නේ අහසේ වලාකුළු අතර, අතේ තියාගන්නේ ඩොන්ගලේ විතරයි. ඒක ගහන්න එකක් හොයාගත්තාම ඇති.

අද පාඩම

ගූගූගූගූගල් ක්ලවුඩ් කනෙක්ට්.

මම හැමදාම ලිපි හැදුවේ මයික්ක්‍රෝසොෆ්ට් ඔෆිස් වලින් ඒකේ මොන මොන වෙළුම ආවත් ඒ එන එන හැම එකක්ම මගේ ජීවිතයේ කොටසක් කරගත්තා. අවුල මගේ ගොනු ගබඩා කලේ මගේ අතේ තිබුනු පෙන් එකේ මොකද යන යන තැන ගෙනියන්න ඕනේ නිසා. ඒත් අර මම ලිපිය පටන් ගත්ත වෙලේ කියපු සියලු ගැටළු මේ තුළ තිබුනා. ඒකට විසදුම මගේ ගොනු වළාකුළ් අතර ගබඩා කිරීමයි. ඒ ගොනුව තියෙන්නේ කොහේද කියලා අහපුවාම මට අහසේ තියෙන වලා කුළු පෙන්නන්න විතරයි තියෙන්නේ. කාට හරි වෙනස්කමක් කරන්න ඕනේනම් ඒකට අවසරය දෙන එක විතරයි තියෙන්නේ. වයිරස් එයි කියලා බය වෙන්න දෙයකුත් නෑ.

ඔබ මයික්ක්‍රෝසොෆ්ට් ඔෆිස් 2003/2007/2010 භාවිත කරන්නෙක් නම් පළමුවෙන්ම කරන්න තියෙන්නනේ http://tools.google.com/dlpage/cloudconnect වෙත ගිහින් මේ පුංචිම පුංචි මෘදුකාංගය ලබාගෙන පරිගණකයේ ස්ථාපිත කරගැනීම පමණයි. මෙය ස්ථාපිත වූ පසුව ඔබ විසින් මයික්ක්‍රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංග වෙත ගිය පසුව අලුතින් Google Cloud Connect ලෙස කොට සක් දැක ගත හැකිවනු ඇත. දැන් ඔබට අවැසි ක්‍රියාවලිය කරන්න. ඔබගේ ඊ මේල් ගිනුම අංකය හා රහස් කේතය ලබාදී ඔබ විසින් සැකසූ ලිපිය හෝ වෙනත් සටහනක් ඔබ පරිගණකයේ නොව අහසේ වලාකුළ් අතර ගබඩා කරන්න. දැන් ඔබ නිදහස් ලෝකයේ කොහේ හිටයත් ඔබගේ ඊ මේල් ගිනුම හරහා ඔබගේ ගොනුව වෙනස් කරන්න, වෙන අයට වෙනස් කරන්න දෙන්න හෝ ඕනෑම ක්‍රියාවලියක් කළ හැකියි. ඉතින් මේක කරලා ඉවරවෙලා ගූගගගග ?