නොමිලේ ඔන් ලයින් විභාගයක් කරන්න ආසයි නේද?

අද පාඩම නොමිලයේම ඔන් ලයින් විභාගයක් කළ හැකි ආකාරයක් ගැනය. අපි කොතෙකුත් විභාගයන්ට මුහුණ දී ඇද්ද. නමුත් ඔන් ලයින් විභාග කර ඇත්තේ ඉතා සුලු පිරිසක් වන්නට ඇත. ඔන්ලයින් විභාගයක් කිරීමට අවශ්‍ය වුවද ඔබ ළග ඒ සදහා වියදම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති කමින් එම අවශ්‍යථාවය ඔබ විසින් වළලා දමන්නට ඇත. යම් ලෙසකින් ඔන් ලයින් විභාගයක් කිරීමට ගොස් අසමත් වුවහොත් නැවත මුදල් සොයාගත යුතු බැවින්ම එය නොකරන්නට ඇත. නමුත් කුඩා හෝ අත්දැකීමක් ලබාගැනීම සදහා නොමිළයේ කළ හැකි ඔන්ලයින් විභාගයක් පිළිබදව විමසා බලමු.

ඔන් ලයින් විභාග ගැන දැන ගැනීමටත් එහි වූ අපූර්ව වූ අත්දැකීම විදගැනීම සදහාත් Microsoft විසින් හදුන්වා දී ඇති Microsoft Digital Literacy නැමැති ඔන් ලයින් විභාගය නොමිළයේ හැකියාව ඔබට ඇත. ලෝකයේ භාෂාවන් 30 කින් මෙම විභාගය කළ හැකි අතර. වාසනාවක මහිමය වනුයේ සිංහල භාෂාවෙන් එය කළ නොහැකි වීමය. මෙහිදී පියවරයන් තුනක් ඔස්සේ පැවැත්වෙන මෙම විභාගය පහත පරිදි වේ.

•Microsoft Digital Literacy Basic curriculum •Microsoft Digital Literacy Standard curriculum •Microsoft Digital Literacy Advanced curriculum මෙම විභාගයට මුහුණ දීම සදහා කලින් එම විභාගය ඕෆ්ලයින් අත්දැකීමක් ලබාගැනීමේ හැකියාවද ඔබට ඇත. මෙහි අඩංගු පාඩම් බාගත කොට ගනිමින් එම විභාගයේ අත්දැකීම ඔබ වෙත තුරුළු කරගැනීමටත් අවසානයේ නොමිළයේ මෙම විභාගය කිරීමේ හැකියාවත් ඇත. ඔබ පරිගණකය පිළිබදව හසල දැනුමෙන් යුතු පුද්ගලයෙකුනම් හෝ ඔබගේ මිතුරා මිතුරිය පරිගණක දැනුමින් යුතු නම් මෙම විභාගය කිරීමට ආරාධනා කරන්න.