පරිගණකය අත මිට මොලවාගෙන ඔබ මා මෙලොවට බිහි නොවුනද එහි වූ සුන්දරත්වය අප දැන් විදිමින් සිටිමු. එහි ඇති සරලත්වය හා ලෙන්ගතු කමට අප මහත් සේ ඇලුම් කරමු. එහිම වන සංකීරනවූ හැකියාවන් අප ජීවිත බොහෝ සැපවත් එකක් කරනු ඇත. ඉදින් පරිගණක සාක්ෂරතාවය අප අනාගත ජීවිතය තීරණය කරනු ලබන කදිම සාධකයක්ය. මෙම සාධකය ජය ගැනීම වෙනුවෙන් ඔබ මෙකෙත් කළේ කුමක්ද?

1.අවශ්‍ය දැනුම ලබාගැනීම වෙනුවෙන් පරිගණක පාඨමාලාවක් හැදෑරීම, 2. ස්වයං අධ්‍යනයන් මගින් එම දැනුම ලබාගැනීම, 3. ප්‍රයෝගික ක්‍රීයාවලීන් සමඟ සම්බන්ධ වී දැනුම ලබාගැනීම.

මෙම ක්‍රම සියල්ලකම අඩු වැඩි ප්‍රතිඵල තිබුනද අප ලෝකය හා ගනුදෙනු කිරීමේදී මෙම දැනුමත් එම දැනුම තිබෙන බව ඔප්පු කිරීමට යාමේදීත් ඔබ නොයෙකුත් ගැටළු වලට මුහුන දෙනු ඇත. ඔබට කොපමන දැනුමක් තිබුනද අවසානයේ ලෝකය එය පිලිගනුයේ විභාගය වලින් ලැබුනු කඩදාසි කැබැල්ලෙන්ය. එය වර්ථමානයේ කඩදාසි කැබැල්ලෙන් නොව අන්තර්ජාලයේ ඇති විද්‍යුත් ලිපියකින් කෙරෙන ඉදිරිපත් කිරීමක් වනු ඇත. මෙහිදී කඩදාසියක හෝ විද්‍යුත් සබැදියක ඇති ඔබ විභාග ප්‍රතිඵලය ලෝකයා පිලිගනු ඇතිද? ඔබ විසින් ලංකාව තුළ පිහිටුවා ඇති පරිගණක ආයතනයකින් ලබාගන්නා සහතිකයක් අවම ලෙස ලංකාව තුළ හෝ පිලිගනු ඇතිද? පිළිතුර සැබෑ ලෙසම නැත යන්න වේ නම් එය ලෝකයෙහි කුමන ආකාරයේ පිළිගැනිමකට ලක්වේදැයි ඔබටම සිතා ගත හැකිය.

අප රට තුළ ඇති ආයතන අන්තර්ජාකික පිළිගැනීමකට ලක්කරමු

මෙම අන්තර්ජාතික පිළිගැනීම වෙනුවෙන් පුහුනු කිරීමේ ආයතන ආකාර දෙකින් සන්නර්ධ විය හැකිය. එනම් අප රට තුළ පිහිටුවා ඇති පරිගණක පුහුනු කිරීමේ ආයතන අන්තර් ජාතිකව පිළිගන්නා ස්ථානයක් බවට පත් කිරීමත් එම ක්‍රියාවලිය සිදුවන තෙක් අන්තර්ජාතික විභාග පවත්වන ආයන හා සම්බන්ධව ක්‍රියා කිරීමත් හදුන්වා දිය හැකිය. මෙලෙසින් හැඩ වැඩ වන ආයතනයක පාඨමාලාවක් කිරීම ඔබ ජීවිතය සාර්ථක එකක් කරනු ඇත.

ඔන් ලයින් විභාග හා එහි පිළිගැනීම.

වර්තමානයේ පරිගණක හා වෙනත් විභාග සැම එකක්ම පාහේ අන්තර්ජාලය පදනම්ව සිදුකෙරෙනු ඇත. එමගින් මාස ගනනක් පුරාවට එහි ප්‍රථිඵල අපේක්ෂාවෙන් නොතැවීමටත් ක්ෂණිකව අප හැකියාව උරගා බැලීමටත් එයට ඇති අන්තර්ජාතික පිළිගැනීම නිසාම දැනුමට සරිලන රැකියාවක් ලංකාව තුළ හෝ ලෝකයේ ඕනෑම රටක කිරීමටත් අපට හැකියාව ලැබෙනු ඇත.

ඔන් ලයින් විභාග පවත්වන ආයතන හා එහි පිළිගැනීම

Online exam සිංහලෙන් කියතොත් මාර්ගගත විභාග සිදුකරනු ලබන ආයතන බොහොමයක් ලෝකයේ මේ වන විට දැකගත හැකිය. මෙම විභාගයන්ද නොයෙක් ආකාරයෙන් පවත්වනු ලැබේ. මෙහිදී සමාකරන පාදක විභාග (simulation base exam) ඉන් වඩා වැදගත් කමක් දරයි. උදාහරණයක් ලෙස ඔබ විසින් ෆොටෝ‍ෂොප් මෘදුකාංගය වෙනුවෙන් විභාගයක් වෙනුවෙන් පෙනී සිටීනම් ෆොටෝෂොප් හී සම්පූර්ණ මුහුනතම ඔබ වෙත ලබාදෙන අතර එහි ඇති පහසුකම් භාවිත කොට විමසනු ලබන ගැටලුවට පිළිතුරු ලබාදිය යුතුය. මෙය වඩා ප්‍රයෝගික විභාග ක්‍රමයක් වන අතර වඩා හොඳ දැනුමකින් යුතු පුද්ගලයන්ට මිස කටපාඩමින් හෝ විභාග පිළිතුරු සොරකම් කොට විභාග සමත් වීමේ හැකියාව නොලැබෙනු ඇත. එනිසාම මෙම විභාග රටාව ලෝකය තුළ ඉහළ පිළිගැනීමකින් යුතුවේ. වර්තමානයේ මෙවැනි simulation විභාග බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ ලබාදෙනු ආයතනයක් ලෙස Certiport ආයතනය හදුන්වා දිය හැකිය. මෙම ආයතනය විසින් ලෝකය පුරා රටවල් 150 ක් පුරා ඔවුන්ගේ 12000 ක් පමන වන නියෝජිත ආයතන ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන විභාග වෙනුවෙන් පෙනී සිටිය හැකිය.

Certiport ආයතනය විසින් official Microsoft® Office certification program, the Microsoft® Technology Associate certification program, the Adobe® Certified Associate certification program, the CompTIA Strata™ IT Fundamentals, the Autodesk® Certified User certification program, the Intuit® QuickBooks Certified User certification program and the Internet and Computing Core Certification (IC³®). යන විභාග ඔවුන්ගේ නියෝජිතයන් විසින් පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන ඔස්සේ කළ හැකිය.

වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මෙම මස Certiport ආයතනයේ නියෝජිත ආයතනයක් ලෙස ඔවුන් සමඟ සම්බන්ධ වූ අතරම Certiport, ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථාන 270 ක සිටින සියලුම සිසුන් වෙනුවෙන් සහතික පත් නිකුත් කිරීමට සූදානම් වේ. මෙම නැවුම් ආරම්භයේ අරමුණ වනුයේ පරිගණක සාක්ෂරතාවයෙන් සහ තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලාංකීය තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහාවන පුහුණුව හා අන්තර්ජාතික පිළිගැනීමෙන් යුතු සහතිකලාභීන් බවට පත්කිරීම තුලින් ඔවුන් වඩා පිරිපුන් ශ්‍රම බලකායක් බවට පත් කිරීම සඳහා වන ජවයක් සැපයීමය.

මේ යටතේ ආරම්භක අවස්ථාවේදී සිසුන් 300 ක් Certiport’s Internet and Computing Core Certification (IC3) වැඩසටහන වෙනුවෙන් යොමුකෙරෙනු ඇත. මෙම සහතිකය මගින් පරිගණකය හැසිරවීමට හා අන්තර්ජාලය හැසිරවීමේ මූලික පදනම ලැබෙන අතරම අන්තර් ජාතීක සම්මතයන්ගෙන් යුතුව හා අන්තර්ජාතිකව පිළිගැනීමක් ලබාදෙන අතරම, මෙමගින් වර්ථමානයේ මූලිකව අධ්‍යාපනිකව හා ව්‍යාපාරික පරිසරය සදහා අවශ්‍යවන දක්ෂතා ලබාදීම මගින් නිවැරදි පරිවර්තනයක් සිදු කෙරෙනු ඇත. තවද වෘත්තීය අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කරනු ලබන සර්ටිපෝට් අනුමත පරීක්ෂණ මධ්‍යස්ථාන (Certiport Authorized testing Centers) මගින් බාහිර සිසුන් සඳහාද පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හෙට දින ශ්‍රී ලාංකිකයන්ගේ පරිගණක දැනුම දෙස් විදෙස් පිලිගනු ලබන දැනුමක් බවට පරිවර්ථනය වනු ඇත.