Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි...

Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට

4017
0
SHARE

අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. 

මා විසින් ලියනු ලබන පරිගණක වැඩසටහන් Team Foundation Server හී ඇතිබැවින් සියලුම පරිගණක වැඩසටහන් වල  කේතයන් එලෙසින්ම නැවත ලබාගත හැකිය. නමුත් Hard Disk එකෙහි මා විසින් Adobe InDesign භාවිතයෙන් සැකසූ කිසිදු කෘතියක් නැවත ලබාගත නොහැකි බව මට දැනෙන විට ඇතිවූයේ  ඉවසාගත නොහැකි කනගාටුවකි. නමුත් මා විසින් ඇතැම් කෘතින් PDF  ලෙස සකසා ඊමේල් කොට ඇති බව මතක තිබුනි. ඒ සියල්ල නැවතත් මගේ පරිගණකය වෙත ලබාගැනීමට මා කටයුතු කළද Adobe InDesign භාවිතයෙන් PDF ගොනු විවෘත කරගැනීමට හෝ Adobe Acrobat Writer භාවිතයෙන් හෝ Adobe InDesign ගොනුවක් බවට පත් කරගැනීමට නොහැකි බව පසක්කර ගතිමි. අවසානයේ මගේ උදවුවට සිටියේ Word ය.

PDF ගොනු වර්ඩ් ගොනු බවට පත්කරගැනීමේ හැකියාව වර්ඩ් 2013 වෙළුම සමඟ හදුන්වා දුන් අතර මට උදවු වූයේ මෙම පහසුකමය. ඕනෑම PDF ගොනුවක් සාමාන්‍ය වර්ඩ් ගොනුවක් සේ විවෘත කරගත හැකි අතර, විවෘත කරගැනීමට උත්සාහ කිරීමේදී එම ගොනුව වර්ඩ් ගොනුවක් බවට පත් කරගන්නේද යන්න විමසනු ලැබේ. මෙහිදී ඔබ විසින් වර්ඩ් ගොනුවක් බවට පත්කරන ලෙස ඉල්ලා සිටිය යුතුය අතර  පසුව විවෘත වන PDF ගොනුව වර්ඩ් ගොනුවක් ලෙස කැමති නමක් යොදා ගබඩා කරගැනීමේ හැකියාව ඇත මෙහි ඕනෑම වෙනස් කමක් කිරීමට ඔබට මින් පසු හැකියාව ලැබෙනු ඇත.

බොහෝ විට PDF ගොනු වල යම් වෙනස් කමක් කිරීමට අවශ්‍ය නම් වර්ඩ් වලින් විවෘත කොටගැනීමෙන් පසුව එම වෙනස් කම කිරීමේ හැකියාව අපට ලැබේ. 

ඔබ විසින් මෙම පහසුකම අත්විදිනු  ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

NO COMMENTS

LEAVE A REPLY