මේ මනෝරම්‍ය වූ රාජයේ ඔබගේ වාහනය කුමක්ද? Excel Function

මේ මනෝරම්‍ය වූ රාජයේ ඔබගේ වාහනය කුමක්ද? Excel Function

3992
0
SHARE

ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, රවි පාර්පාර්ලිමේන්තු ගතවීමෙන් ඔබට අහිමිවන හා ගෙවිය යුතු බදු මුදල කෙසේ වෙතත්  මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් බැවින් ඉතිරි මුදලට කරනුයේ කුමක්දැයි සිතමින් ලතැවෙනවා ඇත.

ඔබ මෙන්ම මා ද මෙම මස වැටුපෙන් සියලු වියදම් දැරීමෙන් අනතුරුව ඉතිරිවන  මුදලට කුමක් කරනුයේ දැයි සිතමින් මේ මොහොතේත්  ලතැවෙමින්වෙ සිටී. මෙම කනස්සල්ලෙන් මිදීමට ඔබට  අලුත්ම අලුත් සුකෝප බෝගී වාහනයක් හිමි කරගැනීමට මා යෝජනා කරමි.

ඔබ වාහන සිහිනය තව දුරටත් සිහිනයක් කොට නොගන්න, ඔබට හිමි වාහනය කුමක්දැයි ඔබම තීරණ කරන්න. ඔබගේ වැටුපෙන් මිලදී ගත හැකි වාහනය කුමක්දැයි තීරණය කිරීම සඳහා එක්සෙල් හී භාවිත වන ශ්‍රිතයක් වන PMT යන ශ්‍රිතයත් එහිම ඇති Goal Seek පහසුකමත් භාවිත කරනු ලබන අන්දම විමසා බලමු.
PMT යන ශ්‍රිතය භාවිත කොට ලබාගන්නා ණය මුදලක් සදහා ගෙවිය යුතු මාසික වාරිකය කුමක්දැයි විමසා බැලිය හැකිය. මේ සඳහා ඔබ විසින් ලබා ගන්නා ණය මුදලත්, මාසික පොලියත්, වාරික සංක්‍යාවත් ඇතුලත් කළ යුතුය. PMT ශ්‍රිතයෙහි රූපය

= PMT ( rate , nper , pv , fv , type )

rate – වාරිෂික පොලිය, nper – ණය මුදල ගෙවීමට ගන්නා කාලය ,pv – ණය මුදල

මෙහිදී අපට මෙහි මුල් කොටස් තුන පමණක් භාවිත කරමින් අපගේ මාසික වාරිකය මෙම ශ්‍රිතය ආශයෙන් ලබාගත හැකිය.මෙම රූපයේ දැක්වෙන ආකාරයට ඔබ විසින් B1 සෙල් එකෙහි ඔබ ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන ණය මුදල ලෙස රු 10000 ක් ඇතුළත් කරන්න. මෙම PMT ශ්‍රිතය B4 සෙල් එකෙහි සටහන් කරන්න.

මෙහිදී B2 හි සටහන් කොට ඇත්තේ වාර්ෂික පොලිය බැවින් එය මාසික පොලියක් බවට පත්කිරීම සඳහා B2/12 ලෙසත්, B3 හී වාරික ගණන 60 ලෙස සටහන් කරනු ලැබුවේ අවුරුදු පහකින් ගෙවීමට අපේක්ෂා කරනු ලබන බැවින්ය. ශ්‍රිතයේ දෙවැනි කොටස ලෙස ඇතුළත් කරන්න, මෙහිදී අවසාන වශයෙන් B1 ලෙස සටහන් කිරීමෙන් අපගේ ණය මුදල හදුන්වා දෙන්න.

දැන් මාසික වාරිකය ලෙස 2275.31 යක මුදලක් ලැබෙනු ඇත. දැන් ඔබ විසින් ණය මුදල ලෙස ඇතුළත් කළ මුදල මකා දමා 0 සටහන් කරන්න. දැන් අපගේ වාහන සිහිනය සැබෑ කරගැනීම සඳහා ලබාගත හැකි ණය මුදල සොයා ගමු. පළමුව ඔබට වාරික මුදල ලෙස ගෙවිය හැකි ගණන පිළිබඳව තීරණයක් ගන්න. උදාහරණයක් ලෙස මාසිකව 20000 ක් ඉවත් කළ හැකි යැයි සිතමු.

මේ සඳහා ඔබ විසින් එක්සෙල් Data ටැබය තෝරා එහි Data Tools යටතේ දැක්වෙන What-If-Analysis යන්න තෝරා ගනිමු. මෙහි දැක්වෙන Goal Seek යන්න මින් තෝරාගන්න. දැන් ඔබ විසින් Set cell ලෙස මාසික වාරිකය ලබාගැනීමට භාවිත කළ PMT ශ්‍රිතය ඇතුළත් කළ සෙල් එකත්, ඔබට ගෙවිය හැකි මාසික වාරිකය උදාහරණයන් ලෙස 20000 To values යටතේත්, By changing cell යටතේ ණය මුදල ඇතුළත් කළ ස්ථානය වන B1 සටහන් කරන්න. දැන් මෙහි OK බොත්තම තෝරාගන්න.

ඔබට ලබාගත හැකි උපරිම ණය මුදල B1 හී දැක්වෙනු ඇත. ඉතින් මෙම මුදලට හිමි වාහනය ඔබ විසින් තීරණය කරන්න.

අද පාඩමේ සාරාංශය.
මොන ග්‍රහයා ඔබ ලග්නයේ සිටියද රවි පාර්ලිමේන්තු වේ  සිටින තාක් වාහන ගත නොහැක

NO COMMENTS

LEAVE A REPLY