විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම

විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම

124
3
SHARE
Visual Studio Language Convert Extension
 
බොහෝ ශ්‍රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ   Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් වේ. නමුත් Visual Basic 6 පරිගණක භාෂාව Object Oriented නොවීම නිසාත් ලෝකයේ බොහෝ පරිගණක භාෂාවන්   Object Oriented දිශාවට ගමන් කරමින් සිටින නිසාත් මෙම භාෂාව මළ භාෂාවක් වෙමින් පවතී.
 
අප විසින් සැකසූ Visual Basic පරිගණක වැඩසටහන් Visual Basic.Net හෝ C# බවට පත්කළ නොහැකිද?
 
බොහෝවිට අපට Visual Basic 6 වලින් සැකසූ වැඩසටහනක් එක් වරම Visual Studio වෙත ගෙන ආ නොහැකි වේ. මෙහිදී Microsoft Visual Basic 2005 Express Edition එක පරිගණකයේ ස්ථාපිත කරගැනීමෙන් පසුව Visual Basic 6 වලින් සැකසූ වැඩසටහන විවෘත කරගත් පසුව එය බොහෝවිට Visual Studio වලින් විවෘත කරගත හැකි වැඩසටහනක් බවට පරිවර්තනය වේ. යම් යම් විධාන අඩුපාඩු ඇත්නම් ඔබ විසින් මෙම අඩුපාඩු සකසා ගැනීමෙන් අනතුරුව Visual Studio වලින් විවෘත කරගන්න. දැන් ඔබ විසින් කලින්ම Visual Basic 6 වලින් සැකසූ පරිගණක වැඩසටහන Object Oriented පහසුකම් ඇති Visual Basic.Net වැඩසටහනක් වී අවසන්ය.
 
ඉහත පරිදි Visual Basic.Net වලට පරිවර්ථනය කරගත් වැඩසටහන තවදුරටත් වැඩිදියුනු කිරීම හෝ C# වැඩසටහනක් බවට පරිවර්ථනය කරගත හැකිය. මේ සඳහා Visual Studio සඳහා හදුන්වා දී ඇති Language Convert Extension එක ස්ථාපිත කරගත යුතුය. මෙම දිගුව ඔස්සේ ගොස් එය භාගත කරගත හැකිය. 
http://visualstudiogallery.msdn.microsoft.com/cc8da841-f978-4c3e-8397-c820bd57298c
 


මෙය ස්ථාපිත කරගැනීමෙන් අනතුරුව Visual Studio හීView මෙනුව තෝරා ඉන් Other Windows යන්න තේරීමෙන් පසුව ඉන් LanguageConvertor යන්න තේරීය හැකිය. මින් පසුව අලුතින් කවුළුවක් ඔබට දැකගත හැකිවන අතර මෙය භාවිත කොට VisualBasic C# ලෙසටද C# වැඩසටහන් VisualBasic ලෙසටත් පරිවර්තනය කරගත හැකිය. 
ඔබ VisaulBasic.Net භාවිත කරනවාද C# වලින් ඉදිරියේදී පරිගණක වැඩසටහන් සකසන්නේද යන්න ඔබ විසින් තීරණය කරන්න.


3 COMMENTS

  1. ස්තූතියි අළුත් දෙයක් ලබා දුන්නාට……

  2. සර්, අලුත් දෑ තව තවත් හදුන්වාදීමට ශක්තිය, ධෛර්යය ඔබට ලැබේවා!!!

  3. මමත් ඔය පහසුකම භාවිතා කෙරුවා VB.net 2003 වලදී. VB 6 වලින් හදපු parallel port controlling වැඩසටහනක් VB.net 2003 වලට හරවන්න.Visual Studio නම් දැන් ගොඩක් දියුණු වෙලා මේ පහසුකමත් එක්ක. ඹේ පහසුකම Visual Studio Community Edition එකත් එක්ක පෙරනිමියෙන් එනවාද? ලිපිය නම් ගොඩක් විස්තරාත්මකයි.බොහොම ස්තූතියි දැනුවත් කලාට.

LEAVE A REPLY