Microsoft To-Do  බුද්ධිමත් යෝජනා සමඟ ඔබේ දවස සැලසුම් කරන්න

Microsoft To-Do   ඔබගේ දෛනික කාර්යයන් කළමනාකරණය කරගැනීම වෙනුවෙන් හදුන්වා දී ඇති යෙදවුමක්ය.  දෛනික රාජකාරී ජීවිතය සේම තමාගේ පුද්ගලික ජීවිතයේ එක් එක් දිනයන්හී දී කිරීමට අපේක්ෂා කරනු ලබන කාර්යන් සැලසුම් සහගතව කළමණාකරනය කරගැනීමට පහසුකම් ලබාදේ.  බුද්ධිමත් ඇල්ගොරිතම භාවිතයෙන් සකසා ඇති මෙහි ඇති පහසුකම මගින්  උදෑසන මෙය  විවෘත කරගත්  මොහොතේ සිට දිනය සැලසුම් සහගතව අවසන් කරගැනීම දක්වා අවශ්‍ය පහසුකම් ලබාදේ.

ඔබගේ සියළු කාර්යයන් එකම ස්ථානයේ

සෑම උදෑසනකම ඔබ වෙත අලුත් පිටුවක් ලැබෙන අතර  ඔබගේ දිනය සැලසුම් කර ගැනීමට මෙමගින් පහසුකම් ලබාදේ. ඔබගේ  දිනපොත මෙය වන අතර  නියමිත දින සටහන් සටහන් කිරීමෙන්, ලයිස්තුගත කර තබාගැනීමේ පහසුකම මෙමගින් ලබාදේ. මෙහි ඇති වැදගත්ම දෙය නම් දින සැලසුම පිළිබඳව යෝජනාවන් ලබාදීමයි.  මෙමගින් බුද්ධිමත් අදහස් ලබා ගැනීමට ඔබට හැකිය. , එදිනට පෙර සිදු වූ දේ, කුමක් සිදුවීමට හෝ ඉදිරියට පැමිණෙන කාර්යන් කුමක්ද යන්න ඔබට පහසුවෙන් බලාගත හැකිය. ඔබගේ අද දිනය සාර්ථක දිනයක් කරගැනීම වෙනුවෙන් Microsoft To-Do භාවිත කළ හැකිය.

ඔබගේ දුරකථනය iPhone, Android හෝ Windows  විය හැකි අතර   Microsoft To-Do ඇප් ඔබට නොමිලේ ලබාගැනීමේ හැකියාව ඇත. එමගින් ඉතා පහසුවෙන් ඔබගේ දිනය සැලසුම් කරගත හැකිය.

Microsoft Office සමඟ ඒකාබද්ධ වීම

මෙය මයික්රොසොෆ්ට් නිර්මාණය කර ඇත්තේ Office 365 මතය. එනිසාම Outlook සමඟ ඒකාබද්ධව මෙහි පහසුකම් ක්‍රියාත්මක වේ. Outlook හී කාර්යයන් වෙත ඉහළ අවධානය යොමුවන අතර අපගේ  කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ඉදිරියේදී අනෙකුත් Office 365 යෙදවුම් සමගද මෙය සම්භන්ධ වනු ඇත.

There are no comments yet

Why not be the first

Leave a Reply

Your email address will not be published. Required fields are marked *