YouTube ද Microsoft Stream ද?

ආයතනයක සේවකයන්ට හා ඉහල කළමණාකාරීත්වයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝ හෝ පාඩම් ඔබට YouTube හී ගබඩා කළ හැකිද?. ඉතා සංවේදී කිසිම වීඩියෝවක් ආයතනයක් විසින් YouTube වෙත ඇතුළත් නොකරනුයේ YouTube වෙත ඇතුළත් කළ පසුව ඕනෑම පුද්ගලයෙකුට එය නැරබීමේ හැකියාව හිමිවන නිසාය.

ආයතනයක ඉහල කළමණාකාරීත්වය පමණක් දැකගත යුතු වීඩියෝ හෝ එහි සේවකයන් දැනගත යුතු විවිධවූ පාඩම් වලින් යුතු වීඩියෝ අදාල පුද්ගලයාට පමණක් දැකගත හැකිවන සේ ගබඩා කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සදහා Microsoft Stream භාවිත කළ හැකිය.

Microsoft Stream යනු කුමක්ද

යම්කිසි ආයතනයකට වැදගත් තීරණ ඇතුළත් වීඩියෝ හෝ යම්කිසි දැනුවත් කිරීමකට අදාල වීඩියෝ තෝරාගත් කන්ඩායමකට හෝ තෝරාගත් පුද්ගයකුට පමණක් නැරබිය හැකි පරිදි ගබඩා කරතැබීමට භාවිත කළ හැකි සේවාවක් ලෙස Microsoft Stream හදුනාගත හැකිය.

YouTube වැනලයක් අප භාවිත කරනුයේ බාහිර පුද්ලයන් වෙත ආයතනයක අලවිකරන තොරතුරු ලබාදීමට වන අතර ආයතනයක අභ්‍යන්තර වැඩමුළු හා සන්නිවේදන කාර්යන් වෙනුවෙන් Microsoft Stream භාවිත කළ හැකිය.

මෙහිදී වීඩියෝවක්  ඉතා පහසුවෙන් අවසරයන් ඇති අයට බලාගැනීමට සේම විඩියෝවෙහි අභ්‍යන්තරයේ ඇති වචනයක් සටහන් කිරීමෙන් අදාල වචනය ඇති ස්ථානයට පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමටත්, එක් වීඩියෝ එකක් තුළ පුද්ලයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයන් ඇත්නම් එම එක් එක් පුද්ගලයා ගේ කොටස් ඇති ස්ථානය වෙත පහසුවෙන් ලගාවීමේ හැකියාවත් මෙමගින් අපට ලබාදේ.

එසේම Office 365 තුළ ඇති වෙනත් සේවාවන් සමග මෙම සේවාව පහසුවෙන් සම්භන්ධ කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ  විසින් Teams යන සේවාව භාවිත කොට කන්ඩායමක් ලෙස එක්ව වැඩ කරන අවස්ථාවක එම කන්ඩායම දැනගත යුතු ඇතැම් දේ වීඩියෝ පාඩම් ලෙස Microsoft Stream ඇතුළත් කර එම පාඩම් Teams වෙත දර්ශණය වීම පිනිස ඇතුළත් කළ  හැකිය.

Microsoft Stream  පහසුකම භාවිත කිරීමට නම් ඔබ ආයතකයට Office 365 ලබාගෙන තිබීම අනිවාර්යය වේ. මෙහි අප විසින් අන්තර්ගත කරනු ලබන වීඩියෝ දැකගැනීමේ හැකියාව ලබාදිය හැක්කේ Office 365 සමග සම්භන්ධ එම ආයතනයේ සේවකයන්ට පමණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.