අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු

අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු.

අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් කොට Send බොත්තම තේරූ පසුව අන්තර්ජාලය හා සම්බන්ධව සිටීනම් එසැනින් අදාල ඊමේල් පනිවිඩය ලැබෙනු ඇත. නමුත් ඇතැම් විට එය අදාල වේලාවේම ලැබෙන්නට සැලසුවහොත් ඔබගේ මහන්සියට ඇගයීම නොලැබෙනු ඇත. මෙනිසාම ඔබ කළ යුතු වන්නේ ඊ මේල් පනිවිඩය සටහන් කිරීමෙන් පසුව Option යන ටැබයේ ඇති Delay Delivery යන්න තේරීමයි.

මෙහිදී පහත දැන්වෙන කවුළුව ඔබ වෙතට ලැබෙනු ඇත.

 
මෙහි Do not deliver before යන්න තෝරා ඊ මේල් එක ලැබිය යුත්තේ කුමන වෙලාවට පසුවද යන්න නිවැරදිව ඇතුළත් කරන්න. පසුව Send බොත්තම තේරිය හැකිය. (උදාහරණයක් ලෙස රාත්‍රී 12.13 වැනි වෙලාවක් සටහන් කළ හැකිය) 
මෙම ක්‍රියාවලින්යෙන් පසුව ඔබගේ Outbox ෆෝල්ඩරයෙහි අදාල ඊ මේල් පනිවිඩය දැකගත හැකිවනු අැත. ඔබ සටහන් කළ වේලාවෙන් පසුව අදාල ඊ මේල් පනිවිඩය ඔහුට ලැබෙන අතරම Sent Items යන්නට එය ඇතුළත් වනු ඇත. ඔබ රැය නොනිදා වැඩකරන අවංක සේවකයෙකු බව ඔබට මින් ඔප්පුකළ හැකිවනු ඇත.

වැඩේ සීරියස් නම්…
යම් ලෙසකින් අදාල මෙහොතට පෙර ඊ මේල් එක යැවීමට අපසුව  අවශ්‍ය වුවහොත්  Outboxෆෝල්ඩරය වෙත ගොස් අදාල ඊ මේල් එක විවෘත කරගැනීමෙන් පසුව Option ටැබයෙන් Delay Delivery යන්න තෝරාගැනීමෙන් පසුව Do not deliver before  යන්න ඉවත් කොට Send බොත්තම ක්ලික් කිරීමෙන් අදාල ඊ මේල් එක එම මොහොතේම යැවිය හැකිය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.