Uncategorized

Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴

ඔබ විසින් Raspberry Pi හී මෙහෙයුම් පද්ධතිය ලෙස    Windows IOT  ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත.  ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 2 නම් පහත පරිදිද ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 3 නම් Raspberry Pi 3 ලෙසද දැක්වෙන අතර Raspberry Pi 3 භාවිත කොට ඇත්නම් අන්තර්ජාලය හා සම්භන්ධ කිරීමේ ක්‍රියාවලිය ඉතා පහසු අතර, ඔබ විසින් භාවිත කරන Wi-Fi එක හදුන්වා දීම කළ යුතුය. එසේ නොමැතිව රවුටරයක් භාවිතයෙන් අන්තර්ජාලය ලබාදී ඇත්නම් පහත රූපයේ පරිදිම දැක්වෙන ඇත.

Raspberry Pi පිළිබඳවත් එහි Windows IOT ස්ථාපනය කරගන්නා ආකාරයත්  පිළිබඳව වැඩි දුර අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම පාඩම් මාලාවේ එක දෙක පාඩම් හදාරනු ඇතැයි සිතමි.

ඔබ විසින් IOT නිවැරදි ආකාරයෙන් ස්ථාපිත කොට ගෙන ඇත්නම් මීළඟ කාර්යය වනුයේ Raspberry Pi  වල ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහනක් සකසා ගන්නා ආකාරය හැදෑරීමත් ඒ පසුව එම වැඩසටහන Raspberry Pi  හී ස්ථාපිත කරගන්නා ආකාරයත් හැදෑරීමය.

Raspberry Pi   හී IOT ස්ථාපිත කොටගෙන ඇත්නම් පරිගණක වැඩසටහනක්  සැකසීමට සුදුසුම IDE වනුයේ විෂුවල් ස්ටුඩියෝය. (ඔබ විසින් Raspberry Pi  හී ලිනක්ස් ප්‍රබේධයක් ස්ථාපිත කොටගෙන ඇත්නම් බොහෝ විට පයිතන් භාෂාව ඒත් සමඟම ලැබෙන අතර එයට අදාල IDE  එකක් භාවිත කරගත හැකිය.)

ඔබ විසින් විෂුවල් ස්ටුඩියෝ භාවිත කරයි නම් ඔබට පයිතන් භාෂාවද පරිගණක වැඩසටහන සැකසීමට භාවිත කළ හැකි නමුත් ඔබ වඩා පළපුරුදු භාෂාවක් වන C# පරිගණක භාෂාවම භවිත කිරීමේ හැකියාව ඇත.

Raspberry Pi  සඳහා පරිගණක වැඩසටහන ලිවීම ආරම්භ කරමු.

ඔබ විසින් විෂුවල් ස්ටුඩියෝ විවෘත කරගැනීමෙන් පසුව පරිගණක භාෂාව ලෙස  C# යන්නත් වින්ඩොස් යටතේ ඇති Blank App (Universal Windows) යන්නත් තෝරා ගන්න.

ඔබ විසින්  Blank App (Universal Windows) යන්න තෝරාගැනීමෙන් පසුව ඔබට අවශය පරිගණක වැඩසටහන සකසා ගැනීම කළ ආරම්භ කළ හැකිය. මෙහිදී ඔබ විසින්  Raspberry Pi හී GPIO භාවිත කිරීමට අපේක්ෂා කරයි නම් GPIO Library එක හදුන්වා දීම කළ හැකිය (using Windows.Devices.Gpio; )  පසුව සාමාන්‍ය පරිගණක වැඩසටහනක් ලෙසම සිතාගෙන වැඩසටහන සැකසිය හැකිය.

ඔබ විසින් සැකසූ වැඩසටහන අවසානයේදී Raspberry Pi හි ක්‍රියාත්මක කිරීම සඳහා ARM යන්නත් Remote Machine යන්නත් තෝරාගැනීමෙන් පසුව පහත දැක්වෙන කවුලුව ඔබට දැකගත හැකිවනු ඇත. 

මෙහි Address යන කොටසෙහි ඔබගේ Raspberry Pi හී නාමය හෝ එයට ලැබී ඇති IP ලිිපිනය සටහන් කිරීම කළ හැකිය. පසුව F5 Press කිරීමෙන් හෝ Run බොත්තම තේරීමෙන් සැකසූ වැඩසටහන Raspberry Pi හී ක්‍රියාත්මක  වනු ඇත. ඔබගේ වැඩසටහන නිසිලෙස මෙහි ක්‍රියාත්මක වන්නේ යැයි සැකහැර දැනගැනීමෙන් අනතුරුව Release යන්න තොරාගැනීමෙන් Raspberry Pi හී වැඩසටහනක් ලෙස ගබඩා කොට ගත හැකිය.

ඔබ විසින් Raspberry Pi උපකරණය සඳහා විදුලිය ලබාදුන් පසුව IOT මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වී මෙහි ආරම්භක රූපයේ දැක්වෙන තිරසටහන සාමාන්‍යයෙන් පෙන්වනු ඇත. නමුත් ඔබ විසින්රි සැකසූ පරිණක වැඩසටහන ආරම්භක වැඩසටහන ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත රූපයේ දැක්වෙන පරිදි Web Browser එකක  Raspberry Pi  සඳහා ලැබී ඇති IP ලිපිනය සටහන් කිරීමෙන් පසුව ලැබෙන තිරයෙහි Apps යන්න තෝරාගැනීමෙන් පසුව Installed app  යටතේ ඔබගේ පරිගණක වැඩසටහනට ලබාදුන් නාමය දැක්වෙන අතර එම වැඩසටහන තෝරාගැනීමෙන් අනතුරුව Set Default යන්න තෝරාගත හැකිය. ඔබ විසින් නැවත Raspberry Pi  උපකරණය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ආරම්භක වැඩසටහන ලෙස ඔබගේ වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

 

3 thoughts on “Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴”

  1. අද ආවේ. කලින් පාඩම් ටිකත් බැලුවා. ලෙසටම තියෙනවා. මම හිතන්නේ මේ සයිට් එක පිරිස අතරට යනවා මදි කියලා. මාත් අහම්බෙන් වගේ දැක්කේ. මොකද මේ වගේ ටෙක්නිකල් ආටිකල් කියවන්න කැමති උදවිය බොහොමයක් ඉන්න නිසා මේක බ්ලොග් සින්ඩිකේටර් වලට ඇතුලත් කරන්න. හැමෝටම මේවා කියවන්න ලැබෙන්නේ එතකොටයි. සුබ පැතුම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *