Formula හා Function සමඟ නම් භාවිතය

Formula හා Function සමඟ නම් භාවිතය

16
0
SHARE

අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් ශ්‍රිත හා සූත්‍ර සමඟ බොහෝවිට සෙල් ලිපිනයන් භාවිත කරන්නෙමු. බොහෝවිට මෙලෙසන් ශ්‍රිතයන් හා සූත්‍ර සමඟ සෙල් ලිපිනයන් භාවිත කිරීම පහසුවක් සේ ඔබ දුටුවද යම් ලෙසකින් එම භාවිත කළ සෙල් ලිපිනයේ සටහන් කළ අගය අතපසුවීමකින් වෙනස් වුවහොත් කුමන පිළිතුරක් ඔබ වෙත ලැබේද? ඔබ නොසිතූ වැරදි පිළිතුරක් අවසානයේ ඔබට ලැබෙනු ඇත. මෙනිසාම එක්සෙල් හී ඇති Name පහසුකම භාවිත කළ හැකිය.
Name පහසුකම භාවිත කොට නාමයක් ලබාදීමේ ප්‍රයෝජන කිහිපයක් ඇත.

යතුරු පුවරුව භාවිත කරන අවස්ථාවේදී අත්වැරදීමෙන් අගයන් වෙනස් වීම වැලැක්වීම හා අපට කැමති නාමයක් ලබාදීමෙන් යම් අගයක්, දත්තයක් හෝ පරාසයක් (range) පැහැදිළිව හදුන්වා දිය හැකි වීමත්, එම නාමය ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් භාවිත කළ හැකි වීමත්ය.

උදාහරණයක් ලෙස B2:B20 යන පරාසය තුළ අප විසින් ඇතුළත් කොට ඇත්තේ ජනවාරි මාසයේ සේවකයන්ගේ වැටුපනම් මෙම පරාසය හදුන්වා දීම වෙනුවෙන් JanSalary ලෙස නාමයක් භාවිත කළ හැකිය. එම පරාසය භාවිත කළ යුතු සෑම අවස්ථාවකදීම JanSalary යන්න භාවිත කළ හැකිය.

ශ්‍රිතයකදී හෝ සූත්‍රයකදී අපට මෙම පරාසය ආදේශකරගත යුතු ඕනෑම අවස්ථාවක JanSalary යන්න භාවිත කළ හැකිය. ඔබ විසින් මෙම නාමයක් භාවිත කිරීමේදී සමාන කිරීමේ ලකුනට පසුව එහි එක් අක්ෂරයක් හෝ කිහිපයක් සටහන් කළ පසුව නාමය පහත තිර සටහනේ පරිදි දක්වනු ඇත.

මෙම Name පහසුකම ඔබ විසින් භාවිත කිරීම වඩා සාර්ථක හා ක්ෂණිකව පිළිතුරු වෙත යාම සඳහා වඩා ප්‍රයෝජනවත් වේ . නමුත් මෙම Name පහසුකම භාවිත කොට යම් නාමයක් ලබාදීමට ප්‍රථමයෙන් නමක් ලබාදීමට අදාළ රීතීන් ඇති අතර ඒවාට ගැළපෙන ආකාරයෙන් නමක් ලබාදිය යුතුය.


• එම නාමය අක්ෂරයකින් හෝ underscore character (_),backslash (), වලින් ආරම්භ විය යුතු අතර අනෙකුත් අක්ෂරාංග භාවිත කළ නොහැක.
• නාමය වෙනුවෙන් හිස් ඉඩ තැබීම කළ නොහැක.
• නාමයක් වෙනුවෙන් භාවිත කළ හැකි උපරිම අක්ෂරාංග ප්‍රමාණය 255 ක් වේ.


නාමයක් ලබාදීම සඳහා Formula ටැබයෙහි ඇති Name නිරූපකය භාවිත කළ හැකිය.

NO COMMENTS

LEAVE A REPLY