ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද?

ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද?

394
0
SHARE

ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් අමුතු ලෝකෙකට ඇතුල්වෙලා වගේ බලාගෙන ඉන්නවා ඔබට දැක ගන්නට පුලුවන් ඒ  ලෝකෙට ඔබ කැමති නැ. ඉතින් ඔබට මොකක්ද කරන්න පුලුවන්?

ඕකට කරන්න තියෙන්නේ පුංචි දෙයයි ඔවුන් කැමතියි නේ Game Play කරන්න. ඔවුන් කැමතියි ඒ සුන්දර ලෝකේ පරිගණකත් එක්ක තනිවෙන්න.  ඉතින් Game Play කරන්න දෙන්න ඔවුන්ව code.org වෙබ් අඩවිය හදුන්වලා දෙන්න.  ඔවුන් Game Play කරයි. ඔවුන් සතුටු වෙයි. ඒ වගේම ඔබටත් සතුටු වන්න දවසක් ලැබේවි ඔවුන්ගේ දක්ෂතා දැකලා.

ඔබේ දුවගේ පුතාගේ වයස ප්‍රශ්ණයක් වෙන්නේ නෑ ඕනෑම වයසක ළමයෙකුට සුදුසු කළ හැකි Game මෙම අඩවියේ තියෙවා.  මේ අඩවියේ තිබෙන කාර්යන් කරන්න ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙන්නේ නැ.  සිංහලෙනුත් මෙහි පහසුකම් දැකගන්න පුලුවන්

මේ වෙබ් අඩවිය විශේෂයි. මෙම අඩවියේ තියෙන Game හදා ගන්නේ ඔබේ පුතා හෝ දුව විසින්මයි. නමුත් ඔවුන් පරිගණක ක්‍රමලේඛනය සම්බන්ධයෙන් කිසිවක් දන්නේ නෑ. නමුත් ඔවුන් මෙමගින් ක්‍රමලේඛනයේ මූලික සිද්ධාන්ත න්‍යායන් ඔවුන්ට නොදැනීම ග්‍රහනය කරගනු ඇත. හෙමින් හෙමින්ගෙ  පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගනීවි.

අනාගතේ දවසක ඔවුන් විසින් ම අලුත් ගේම් එකක් හදයි. ඒකේ එක් කැරැට්ටර් එකක ඔබත් ඔබේ ආදරනීයනුත් ඉදීවි.

ඔවුන් සකසන Game Play කරනවා දැකලා ඔබට සතුටු වෙන්න පුලුවන්, ඒ වගේම ඔවුනුත් සතුටුවෙයි ආඩම්බර වෙයි ඔවුන්ම හදපු Game Play කරලා.

NO COMMENTS

LEAVE A REPLY