File ටික මකා අතීතය අමතක කළ හැකිද? ඔබට සතුටුයිද දැන්

    117
    0
    SHARE

    අප විසින් පරිගණකය උපයෝගී කොට සැකසූ ගොනුවක් අපට අවශ්‍ය නොවේ නම් හෝ එය පරිගණකයේ කොහේ හෝ තිබීම අනවශ්‍ය යැයි අප සිතුවොත් කරන කාර්යය වනුයේ එම ගොනුව මකා ඉවත් කිරීමයි. බොහෝ විට ඔබ විසින් ඉවත් කරන පරිගණක ගොනුව Recycle Bin එකෙන්ද ඉවත් කොට ඔබ ගොනුව මකා දැමුවායැයි කියා සතුටු වනු ඇතරම මම ඒක Format කලා යැයි සිතමින් සතුටු වනු ඇත. නමුත් අප විසින් මෙලෙසින් ඉවත් කරනු ලබන ගොනු නැවත ලබාගැනීමට නොහැකිද?

    පිලිතුර ඉතා භයානකය.
    ඔබ පරිගණකය හෝ ඒ ආශ්‍රිත මාධ්‍යක් යොදාගෙන සකසුනු ලබන කුමන ආකාරයක ගොනුවක් වුව නැවත වතාවක් ලබාගැනිමේ හැකියාව ඇත. ඔබ HardDisk එකක් හෝ Portable Disk එකක හෝ Memory Card වැනි උපකරන තුළ ගබඩා කරනු ලබන ඕනෑම පරිගණක ලේඛනයක් අප විසින් මකා ඉවත් කළද නැවත පෙර තිබූ ලෙසටම පිහිටුවා ගැනීමේ හැකියාව අපට ඇත. බොහෝ විට ගොනුවක් Disk එකකින් ඉවත් කිරීමෙන් පසුව ඇතැම් විට Format කිරීමෙන් සම්පුර්ණයෙන්ම ගොනු ඉවත් වී ඇති බව පෙන්වූවද මෙලෙසින් Format කළ Disk එකක ඇති ගොනු පවා නැවත ලබාගැනීමේ හැකියාව ඇත.
    බොහෝ විට Hard Disk, Portable Hard Disk ඇතැම් විට ක්‍රියාත්මක නොවීම නිසා අප විසින් ඉවත් කරනු ලබයි. මෙසේ අක්‍රීය වන බොහෝ Hard Disk වල මව් පුවරුවට සමාන මව් පුවරුවක් යෙදීම වැනි ක්‍රියාවලීන් Hard Disk නැවත පෙර පරිදිම ක්‍රියාත්මක කරවා ගත හැකිය. එසේම ඇතැම් විට Portable Hard Disk වින්ඩෝස් මගින් විවෘත කරගැනීමට නොහැකි වුවද Linux වැනි මෙහෙයුම් පද්ධතියකින් විවෘත කරගැනීමේ හැකියාවත් Linux මගින් විවෘත කරගැනීමෙන් පසුව ඒ තුළ ඇති ගොනු හානි වී ඇති බව පෙන්වූවද Linux මගින්ම Format කිරීමේ කාර්යය කොට EaseUS Data Recovery වැනි ටූල් එකක් භාවිතයෙන් පැරණි ගොනු යථා තත්වයට පත් කරගත හැකිය.

    EaseUS Data Recovery

    ඔබ අතින් වැරදීමෙන් හෝ හිතා මතාම Format කරනු ලැබූ Hard Disk හෝ Portable Hard Disk එකක කලින් ඔබ විසින් සකසා තිබූ ගොනු හා ෆෝල්ඩර තිබූ ලෙසම ලබාගැනීමට හැකියාව පවතින මෙම මෘදුකාංගය සියයට සියයක්ම අපගේ පැරණි ගෙනු ලබාදීමේ හැකියාව ඇත.

    සිතන්න කිසිවක් මකා ඉවත් කළ නොහැකියි. ඔබ විසින් කළ යුත්තේ අනවශ්‍ය කිසිම ගොනුවක් අනවශ්‍ය නම් කිසිම ආකාරයකින් සැකසීම නොකර සිටීම පමනි.

     

    NO COMMENTS

    LEAVE A REPLY