Excel Formatting Office Uncategorized

කොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම

අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත  දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. […]

Uncategorized

හැකියාවට හිමි රැකියාව උදුරගත් Copy Paste නූතනය.

පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යතා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය. දිනය 2008 ‍ජනවාරි මස එක් දිනක් ‍බව මට මතකය. SLIDA පංති‍ය අවසන් කොට මා බසයට ගොඩ […]

Uncategorized

Ubuntu ලැපේ – VMware ඇදේ – Mac OS සමඟ නිදාගතිමි

(පැරණි ලිපියකි). මා වෙනදා රාජකාරී කළේත් ජීවත් වූවේත් ගම්පොළය. මෙම වසරේ මා තීරණය කළ පරිදි සියබලාණ්ඩුව වෙත රාජකාරි මාරුවක් ලබාගතිමි. සියබලාණ්ඩුවේ වැසියන් වූ කලී ලොකු හරි අපූරු පුද්ගලයන්ය. මොවුන්ගේ ඇතැම් වැඩ මට ගෙන දු‍න්නේ ආතල්මය. ගොඩක් මිනිසුන් කරන්නේ එක දෙයක්ය, කියන්නේ වෙන දෙයක්ය. අපි කඩේ යන්නේ නෑ කියමින් සුපර්මාකට් යති. අපි මුදල් දී මෘදුකාංග  ගන්නේ නෑ […]

Uncategorized

Formula හා Function සමඟ නම් භාවිතය

අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් […]

Uncategorized

එක දෙක කරන්නේ කොහොමද

අප විසින් එක්සෙල් හී එක් column එකක ඇතුළත් කරනු ලැබූ දත්තයන් සමූහයක් පසු අවස්ථාවකදී වෙනස් කිරීමට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස අප විසින් පුද්ගල නාමයන් ඇතුළත් කරනු ලැබූ පසුව ඔවුන්ගේ පෙළපත් නාමය වෙන්කොට ගැනීමට ඔබට අවශ්‍යය විය හැකිය. එවැනි විටක ඔබ විසින් කරනුයේ කුමක්ද. ඔබට Function එකක් භාවිත කොට cell එකෙහි වම් පසින් හෝ දකුනු […]

Uncategorized

විදවන ජීවිතය Kinect සමඟින් විදිමු

ඔබ පරිගණකය අසල හෝ ඔබේ රූපවාහිණී යන්ත්‍රය ඉදිරියට වී අත පය එහේ මෙහේ සොලවමින් උඩ පනිමින් සිටියොත් අන් අය කුමක් සිතාවිද? ඔබ උමතු පුද්ගලෙයකුයැයි අන් අය සිතනු ඇත. නමුත් එසේ සිතුවේ Kinect හී සැබෑ ක්‍රියාකාරීත්වය නොදත් පුද්ගලයන්ය. එසේම සාම්ප්‍රදායික යතුරු පුවරුව, මවුසය, Joy stick වැනි අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා පාලන උපකරණ වලින් තොරව පරිගණක […]

Uncategorized

එක්සෙල් මෘදුකාංගයේ මැක්රෝ පහසුකම හඳුනාගැනීම

එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක […]

Uncategorized

Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි

අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි. මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා […]

Uncategorized

එක්සෙල් තුළට ඇක්සස් වීම

එක්සෙල් යනු දත්ත ගොනු හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබූ මෘදුකාංගයක් නොවුනි. මෙනිසාම අපට බොහෝවිට එකම දත්තය අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමට සිදුවිය. සැබැවින්ම එක්සෙල් යනු දත්ත ගොනුවෙත් හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලබන මෘදුකාංගක් නොවීමත් දත්ත ගොනු හැසිරවීම සඳහා භාවිත කරන මෘදුකාංග වල තිබිය යුතු නමුත් නොතිබෙන පහසුකම් එක්සෙල් වල තිබීමත් අපව ඇතැම් අවස්ථාවන්හීදි කරදරයේ දැමීමටත් හේතු […]

Uncategorized

ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම

තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට […]

Uncategorized

ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු

ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි. අද පාඩම […]

Uncategorized

ෆෝම් වලින් හිස පුරවාගෙනගෙන ජීවිතයම එපා වෙලාද?

ආයතනයක සේවකයන්ගේ තොරතුරු ලබාගැනීමට, ඔවුන්ගේ පවුලේ විස්තර ලබාගැනීමට, එසේත් නැත්නම් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් කොපමණනම් පෝරම් ප්‍රමාණයක් ආයතනක් විසින් භාවිත කරයිද?. බොහෝවිට මෙවැනි පෝරම් එක් එක් සේවකයා වෙත මේල් කිරීමෙන් පසුව ඔවුන් ලවා පුරවා ගෙන නැවතත් ඔබ විසින් එම තොරතුරු දත්ත ගොනුවක හෝ වෙනත් වැඩසටහනක් භාවිත කරමින් පරිගණකයට ඇතුළත් කරනු ලබයි. බොහෝ විට ගණකාධිකරන අංශය විසින් […]

Uncategorized

අහස්කුස තුළ සටහන්ව ඇති අපගේ ඔෆිස් ගොනු.

Office 2013 මට ද ඔබටද අලුත්ම අලුත් අත්දැකීමක් නොවුනද මෙහි ඇති එක් සුවිශේෂී පහසුකමක් මා සිත් ගතිමි. එනම් මෙහි ඇති SkyDrive පහසුකමයි. අප විසින් ඔෆිස් නවතම වෙලුම භාවිත කරනු ලබයි නම් ඔබ විසින් ඒ සඳහා Microsoft live ගිනුම් අංකයක් ආරම්භයේදීම ලබාදිය යුතුවේ. මෙහිදී අප Live ගිනුමෙහි ඇති SkyDrive හා සම්බන්ධ වීම ස්වංක්‍රීයව සිදුවෙනු ඇත. සාමාන්‍යයෙන් […]

Uncategorized

කාලය ඔබට නොවැදගත් නම් මෙම ලිපිය නොකියවන්න.

Access 2010 භාවිතයෙන් දත්ත ගොනුවක් සහිත වෙබ් අඩවියක් විනාඩි 10 යෙන් වෙබ් අඩවියක් තුළ ඇක්සස් ගොනුවක් භාවිත කරනුයේ කෙසේද?. දත්තයන් ඇතුළත් කිරීම සඳහා Form සකසා ගැනීමට ඔබ විසින් භාවිත කරනු ලබන තාක්ෂණය කුමක්ද?. උදාහරණයක් ලෙස Table දහයකින් හා ඒ සඳහා වූ Form 10 ක් හා දත්ත ගොනුවට ඇතුළත් කරනු ලැබූ දත්තයන්ගෙන් Report සකසා එය වෙබ් […]

Uncategorized

Office 2013 ස්පර්ශක තිරය තුළ සුමුදුව හැසිරවීමට නම්

Office 2013 වල ඇති විශේෂත්වය වනුයේ එය ස්පර්ශක තිර සඳහා පහසුකම සඳහා වඩා හොදින් සහාය දැක්වීමයි. ඔබගේ පරිගණකයේ මේ වන විටත් ස්පර්ශක සංවේදී තිරයක් දක්නට ඇත්නම් ඔෆිස් හී පහසුකම් විදිමත්ව හා ඉතා සුමුදුව හැසිරවීම සඳහා ඔෆිස් මෘදුකාංගයේ Touch enable පහසුකම ක්‍රියාත්මක කරවිය යුතුය මේ සඳහා පහත ක්‍රියාකාරකම ඔබ විසින් සිදුකළ යුතුය.    ඔෆිස් මෘදුකාංග කට්ටලයේ […]