මේ
දවස්වල හරි ග්‍රීස්මේ. ඔෆිස් එකේ රවුටරේ විතරක් නොවේ අපේ මොළයත් රත්වෙන තරමට
පරිසරය රත්වෙන්න අරගෙන. ඉතින් මේකට මොකද කරන්නේ. ගන්න ඉවත් කරපු පරිගණකයක් ඒකේ තියෙන ෆැන්
ගලවලා වෙනම තැනක තියාගන්න. ඊට පස්සේ ඒකේ පවර් සප්ලයි එක ගලවලා
අයින් කරන්න. දැන් පොඩි රිජිෆෝම් පෙට්ටියක් අරගෙන ඒකේ උඩටයි එක පැත්තකටයි තව ෆෑන්
පහ හයක් තියෙනවා නම් කැමති කැමති දිශාවට මේ ආකාරයෙන් සවි කර ගන්න.
දැන්
රත්වෙන එක ඒකේ ඇතුළට දාන්න (රවුටරය
නම් ඒක, වෙන දෙයක් නම් ඒක)
දැන් ඒකේ පෑන් වල රතු වයර් එකටත් කළු වයර් එකටත් ගෙන
පවර් සප්ලයි එකේ හාඩ් ඩිස්ක් වලට එහෙම විදුලිය දෙන අර වයර්
හතරක් තියෙන එකේ කළු හා රතු හෝ කළු හා කහ වෙත සම්භන්ධ කරන්න (ෆැන් 12V
නම් කහ එකත් කළු එකටත් පටලවන්න) දැන්
අර මව් පුවරුවට විදුලිය දෙන වයර් මිටියේ කොල පාට හා කළු පාට වයර් වලින් කැමති එකක්
එකිනෙක මේ ආකාරයෙන් වයර් එකකින් සම්භන්ධ කරන්න. නැත්නම් ස්විචි එකක් යොදන්න. දැන්
ගොඩ. පවර් සප්ලයි
එකට විදුලිය සම්භන්ධ කරන්න. දැන් බූම් ගාලා ෆෑන් වැඩකරයි. හැබැයි කූල් වෙයිද කියලා
බලන්න
