මම යුනිකෝඩ් දාගන්න කියලා කිහිප දෙනෙකුට කියුවා. වැඩක් නෑ කී මෑන් හොදට වැඩ කියලා සමහරු කියනවා. ඒ සදහා පොළඔ වන්න හරිම අමාරුයි. යුනිකෝඩ් වල ප්‍ර‍යෝජන විස්තර කරන්න ගිහින් මගේ කටත් රිදෙනවා. ඉතින් මම ඒ සදහා වි‍ඩියෝවක් හැදුවා බන්දුල කියන යාලුවා තමයි මේ අදහස මට දුන්නේ. කාටහරි ‍යනිකෝඩ් දාගත්තහම තියෙන වාසි මම විස්තර කරදෙන්න උත්සාහ කරා. තව මොනවාද එකතු වෙන්න උවමනා කියලා ඔයගොල්ලෝ කියනවාද.

මේක ‍කලේ රෑ. ඉස්සරහ ගෙදර බල්ලා මට සෑහෙන්න කරදර කරා බුරලා. බිරුවට මමත් අතහැරියේ නැහැ. හොදද බලන්න අඩුපාඩු මට දැනුම් දෙන්න. තව එකතු විය යුතු දේ මොනවාද

කාටහරි යුනිකෝඩ් විස්තර කරන්න මෙම පාඩම ඔබට ලබාගත හැකි එකක් කිරීම මගේ අරමුණයි