වැඩක් බාරගැනීමට අපට තිබෙන සැබෑ උවමනාව හා අවශ්‍යතාවය එය ඉටුකිරීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටීමට නැත. ඉටුකිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනිසිටීමට සැබෑ ලෙසම අවශ්‍ය වුවද අපගේ කාලකන්නි කම හා සිහි මද ගතිය නිසාවෙන්ම ඒ අවශ්‍යතාවය අපෙන් අනන්තවත් අවස්ථාවන්හී දි ගිලිහී යයි.


අප ඇඳි කලිසමෙහි ඇති සාක්කුවල  ජංගම දුරකථන දෙක තුනක් තිබුනද ඉන් අප කරනුයේ මල්කැඩීම හා බයිලා ඇසීම පමණි.  මේ තුල ඇති වේලාව කලමනාකරණය කර ගැනීමට ඇති පහසුකම කිසිවකුත් භාවිතා කරනවා මා දැක නොමැත. අප ජීවිතයට වේලාව වැදගත් අංගයක් වේ. මෙය කලමනාකරණය සදහා ඔබ දුරකථනයත් පරිගණකයත් සැබෑ සම්මිශ්‍රණයකින් යොදා ගත හැක. දෛවය විසින් බාරදුන් සියලු ක්‍රියාවලීන්  අප දැනගත් මොහොතේම ගූගල් දෙවිඳුන්ට දැනුම් දීමෙන්  හා අපගේ දුරකථන අංකය ලබා දීමෙන් වෙලාවට කලාවට එස්.එම්. එස් මගින් අපගේ දුරකථනයට ගූගල් දෙවිඳුන් වඩිනු ඇත.

මේ සඳහා ඔබ පහත ක්‍රියාවලීන් කළ යුතුය.

ඔබගේ ගූගල් ගිණුම විවෘත කොට ගන්න.
එහි Calendar  යන්න ක්ලික් කරන්න.
යම් තොරතුරක් ඔබෙන් විමසයි නම් දෙවියන්ට බොරු නොකියා සැබෑ තොරතුරු ඇතුළත් කරන්න.
ඔබට ලැබුණු  Calendar  එකෙහි Settings තෝරා ගන්න
එහි ඇති Mobile setup යන්නෙහි ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න.
සුළු මොහොතකින් දෙවියන් අප දෙස බැල්ම හෙළූ බව දන්වා එවන එස්.එම්.එස් එකෙහි ඇති කේතය Verification Code යටතේ සටහන් කරන්න.
දැන් ඔබගේ දෛවය විසින් ලබා දුන් දිනය හා පැවරූ කාර්යය හා වේලාව සටහන් කරන්න.
ඔබට මෙය මතක් කළ යුත්තේ එස්.එම්.එස් වලින් බවත් දන්වන්න. එස්.එම්.එස් එක ලැබිය යුත්තේ අදාළ කාර්යයට කොපමණ වේලාවකට කලින් ද යන්නත් සටහන් කරන්න.
දුරකථනයෙහි බැටරිය (බට්ටි ලව් නම්) ආරෝපණය කොට දුරකථනය ක්‍රියාත්මක කොට තබා ගන්න.

සැලකිය යුතුය

සියබළාන්ඩුවේ  එටිසලාට්, මොබිටෙල් හා ඩයලොග් අංක පමණක් ගූගල් දෙවිදුන් හදුනයි.