මේ ජාතික කියවීමේ මාසයයි. අප ජාතියට කියවන්නට අමුතුවෙන් මාසයක් වෙන් කළ යුතු නොවේ. මන්ද යත් අප කියවීමට රුසියෝ වෙමු. නමුත් අප කියවූයේ පොත් නොවේ. පොත් ලෙස හඳුනාගත්තේද පොත් නොවේ. එබැවින් අප තවමත් වල්මත්ව සිටිමු.

ඉතින් අපි පොත් කියවමු.


පොත් කියවන්නට යා යුත්තේ කොතනටද

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මේ සදහා ඔබට පහසුකම් ලබා දෙනු ඇත. වසරක් පුරා පොත් කියවීමට නොමිලේ සාමාජිකත්වය ලබා ගත හැක. නමුත් සාමාජිකත්වය නොමිලේ ලබාගැනීමට නම් මේ මස අවසන් වීමට පෙර ඔබ ඒ සඳහා අයදුම් කළ යුතුය.

මොකක්ද ජාතික පුස්තකාලය කියන්නේ

ඕනෑම රටකට එක සුවිශේෂි පුස්තකාලයක් ඇත. ඉන් අදාල රටේ පොත් අනාගතය වෙනුවෙන් සුරකිනු ඇත. රටකට පුස්තකාල රාශියක් තිබිය හැකි වුවද ජාතික පුස්තකාල තිබිය හැක්කේ එකකි. එසේනම් ඔබ රටේ ඇති ජාතික පුස්තකාල වෙත ඔබ එක් දිනක හෝ පිය නැගිය යුතු නොවේද?

මෙය තිබෙන්නේ කොතනද

කොළඔ 07, නිදහස් චතුරශ්‍රය අසල මෙය පිහිටා ඇත. ඉතින් මේ අවස්ථාවෙන් සැබෑ ප්‍රයෝජනයක් ලබන්න. නිකං කියවන්නේ නැතුව පොතක් කියවන්න.
එන්න...