මම විෂුවල් බේසික් වලට ආදරය කරන්නටත් එහි සුව විදීමටත් ආශා කලේ මීට වසර අටකටත් පෙර සිටය. මෙම භාෂාවේ ඇති අපූර්වත්වය මාගේ පළමු පරිගණක කෘතිය වන පරිගණක වැඩසටහන් සැකසීම කෘතියට අඩිතාලම දමන ලදි. මෙම කෘතිය මගේ ජීවිතය වෙනස් කොට මා නොසිතූ තැනකට ඔසවා තබන ලදි. මා අපූරු වූ මිනියෙක් වන්නට එහි අඩිතාලම මහත් වූ ශක්තියක් විය. වසර කිහිපයකට පසුව මගේ දසවන කෘතිය වෙබ් අඩවි සැකසීම කෘතිය වෙළද පොලට නිකුත්විය. එය විවෘත මෘදුකාංග එකතුවක් තනි කෘතියකින් විස්තර කළ අපූරු අවස්ථාවක් විය. දැන් මා දෙපසකය. එක් පසක විවෘත මෘදුකාංගත් අනෙක් පසින් වානිජ මෘදුකාංගත් තුරුළට ගෙන ජීවිත ගමනෙහි ඉදිරිය දකිමි. මේ දෙකෙහිම පහසින් මා ජීවිතය විදිමි එසේම ඇතැම් විට විඳවමි. අදින් ඇරබෙන මෙම ලිපි පෙළින් මෙම  දෙවර්ගයේම   මෘදුකාංග අපගේ පහසුව උදෙසා භාවිත කළ හැකි අන්දම පැහැදිලි කෙරෙන අපූරු ලිපිපෙළක් වනු ඇත.

මාගේ පළමු ලිපිය ඩොට් නෙට් හා  MySQL  අතර සම්භන්ධතාවයක් ගොඩ නගා ගන්නා අන්දම විස්තර කිරීමක්ය.

ඇයි ජාවා තියෙද්දී ඩොට් නෙට්.

ඒක මම දන්නේ නෑ. (ජාවා නොවෙයි) මම VB හොදින් දන්නා බැවින් මම VB.Net වලට මාරු විය. ගොඩක් පහසුවෙන් පරිශීලක මුහුණත සකසා ගත හැකි බැවින් හා පැරණි   දන්නා VB කේත එලෙසින්ම භාවිත කල හැකි බැවින් මට අලුතින් අපහසුවකින් තොරව භාවිත කළ හැකි බැවින් මම එය තෝරාගතිමි.  (ළඟදීම දවසක ඩොට් නෙට් භාවිත කර Linux මෙහෙයුම් පද්ධතිය සඳහා ද වැඩසටහන් සැකසිමට හැකිවන බැවින් ඩොට් නෙට් භාවිත කිරීම අනුවන ක්‍රියාවක් නොවන බව මා තේරුම් ගෙන ඇත) තව පොඩි රහසක් තියෙනවා මයිකෝසොෆ්ට් ආයතනය .NET සැකිල්ල දෙන්නේ නොමිලේ.  

ඇයි ඉතින්  MySQL  භාවිත කලේ

MySql දත්ත පදනමකට දත්ත ඇතුළත් කළ පසුව අපට එය PHP භාවිතයෙන් අන්තර්ජාලය හා පහසුවෙන් සම්භන්ධ කළ හැකිය. එසේම MySQL විවෘත මෘදුකාංගයක් බැවින් නොමිලේ ලබාගැනීමට කිසිදු අපහසුවක් නොමැත. දත්ත ගොනුවද ඉතා වේගවත් හා නම්‍යශීලී බැවින් යුතු නිසා මා මෙය තෝරාගතිමි.

කොහොමද VB.Net වලින් MySQL දත්ත පදනමකට දත්ත ගෙනවිත් ගබඩා කරන්නේ.

පොඩි වැඩයි කරන්න තියෙන්නේ

  • පරිගණකයේ MYSQL ස්ථාපිත කරගන්න. මම හිතන්නේ තව වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙන්නත් එක්ක XAMPP ස්ථාපිත කරගන්න  (එවිට Apache සවරය ස්ථාපිත වී එහි MYSQL ස්ථාපිත වන අතරම phpMyAdmin ද අපට ලැබෙන බැවින්  MYSQL දත්ත පදනම පහසුවෙන් හැසිරවීමට අපට හැකිවනු ඇත.)  

  • MYSQL හා ඩොට් නෙට් අතර සම්භන්ධතාවයක් සකසා ගැනීම සඳහා  අප විසින් පළමුව ODBC සම්භන්ධතාවයක් පරිගණකයේ සකසා ගත යුතුය. මේ සදහා ඔබ විසින් පළමුව   MYSQL Connector-ODBC පැකේජය Mysql.com වෙබ් අඩවියට ගොස් ලබාගන්න.

දැන් මෙම ලිපිය කියවා ODBC සම්භන්ධතාවයක් සකසා ගන්න.

ඉදිරි පාඩමකින් VB.Net කේතත් සමඟ හමුවෙමු.

ASP.net  එක්ක MYSQL භාවිත කරන හැටි වගේ පාඩම් පෙළක්ද ඉදිරියේදී ඔබ වෙත ලැබෙනු ඇත.