ඔබ මේ වන විට ඔෆිස් 2007හෝ 2010 භාවිත කරන්නෙකු නම් එහි ඇති අනන්තවත් වූ පහසුකම් වලින් ඔබ දෛනික කටයුතු කරගන්නවා ඇත. නමුත් ඇතැමෙකු තවමත් අහිමිවූ මෙනුව සොයමින් දුක්වනවා විය හැකිය. අපට අලුතින් බොහෝ දේ ලැබුනද පැරණි දෙය අමතක කළ නොහැකි බව නම් සැබෑ වක්මය. බොහෝ විට කොතෙකුත් සැප පහසුකම් ලැබුනද පැරණි දුකෙහි වින්දනය අමතක කළ නොහැකිව ඔබ ද  මා  ද    අතීත දුක සොයමින් සැරිසරයි. මා ඔෆිස් මෙනුව සොයමින් යන අතර තුර http://www.ubit.ch/software/ubitmenu-office2007 හී ඇය මට නැවත මුණගැසුනි. ඇය තවමත් මට හුරු පුරුදුය.

 

මම ටික මොහොතකට ඇය තුරුලට විය. ඇය මෙසේය. ඇය සමඟ පෙර  කොතෙක් දේ කළද මා දැන් ඇය අමතක කළ යුතුය. මම තවමත් ඇයට ආදරය කරමි. නමුත් මම 2010 සමඟ විවාහ වී ඇති බව මට මතක්විය. (ඔෆිස් 2003 හී තිබූ  මෙනුව 2007 හා 2010 වෙත මෙලෙසින් ආදේශ කොට ගත හැකිය. ඉහත රූපයේ පරිදි) මෙය ස්ථාපිත කළ පසුව රිබනයට menu නමින් පටිත්තක් එක්වන අතර එහි ඔෆිස් 2003 හි මෙනුවෙහි තිබූ සියලු විදාන එලෙසින්ම දැකගත හැකිය.