මට තාම මතකයි එක් අතකින් පොත් දෙකකුත් අනිත් අතින් බස්එකේ පොල්ලත් අල්ලගෙන පන්ති ගිය හැටි. ගම්පොල ඉදන් මම නුවර ගියා අනුරාද‍පුරෙන්, පොලොන්නරුවෙනුත් සමහර ළමයි ආවා. ඒත් අපි ඉගෙන ගත්තේ නම් නැහැ. ගෙ‍් අමාරුවට නොවෙයි. මම කටවරද්ද ගන්න යන්නේ. නෑ නෑ ඒවා වැඩක් නැහැ.

අද ඉදන්  රාමාට සීතාට හසන්ට විතරක් නොවෙයි ලෝකෙම අයට එන්න පුලුවන් තැනක් තියෙනවා. අද හවස 7‍ ට  හැමෝගෙම ඉල්ලීම පරිදි වෙලාව වෙනස් කරලා පන්තිය පටන් ගන්නවා. ඇගේ අමාරුවක් නැතුව වෙලාවට පන්තියට එන්න පුලුවන් හින්දා හැමෝම පැමිණෙයි කියලා හිතනවා.  මතක ඇතුව මයික් එකක් වෙබ් කැමරාවක් අරගෙන එන්න, ඒ දෙකම නැති අය යතුරු පුවරුව හොදට තදින් හයි කරලා තියා ගන්න. සැම‍ෙග්ම අදහස් අද ම‍ට වැදගත්, මම අදහස් කරලා තියෙන්නේ ඩොට් නෙටි උගන්වන්න. ජීවත් වෙන්න ‍රැකියාවක් කරන්න කියාදෙන්න මට මො‍කක්දෝ ඇම්මක් ඇවිදින් තියෙනවා. 

මගේ අඩවියට වෙලාවට එන්න. දකුණු පැත්තේ තියලා තියෙන පොල්තෙල් පහනට දාන්න තිරද, පත්තු කරන්න ගින්දරත් අරන් එන්න.

මම දුම්මල අරගෙන එන්නම්.
ආ අමතකවුනා සත්තුන්ගේ නම් දාගෙන පන්තිය ඇතුළට එන්න හදන්න එපා. මූණ පෙන්නන්න අකමැතිනම් බොරු නමක් දාගෙන වෙබ් කැම් සවි නොකොට ඇතුලට ආවට කමක් නැහැ.  යම් විදිහකින් පංතියට ඇතුල්වෙන්න අමාරු වුනොත් මගේ දුරකථනයට කථාකරන්න 0777803168 මම දොර අරින්න ටික්කෙක් තියලා තියෙන්නේ