පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යථා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය.


දිනය 2008 ‍ජනවාරි මස එක් දිනක් ‍බව මට මතකය. SLIDA පංති‍ය අවසන් කොට මා බසයට ගොඩ උනේ මා විසින් ලබාදිය යුතු උපරිම දැනුම මා විසින් ලබාදුන්නාය යන හැගීමෙන්ය. තව වසර ගණනකට පසුව මා විසින් ලබාදුන් දැනු‍මින් මෙම පෘතුවියෙහි වෙන වෙනස් කම් මනසින් විදිමින් ගමන් කලෙමි. මා මේ ‍පොලවට බරක් නොවේ යන හැගීමත් මොකක්දෝ අඩම්බරයකුත් සිතේ තිබුනද සැබෑ ලෙසම මා ගමන් ගන්නේ බසයක බව තේරුම් ගත් මා අසුනක කොනක් අල්ලාගත්තේ ජීවිතයට පොඩිහෝ වාරුවක් අවැසි බැවින්ය. සුලු මොහොතකින් පින්සල් කිහිපයක් අති‍න්ගෙන තීන්ත ගෑවුනු ඇදුමකින් සැරසී ගත් අවුල්වූ හිසකෙස් සහිත පුද්ගලයෙකුද මේ බසයට ගොඩ උනේ බ‍සයේ සැමටම තිබූ ගමනාත්තයක අරමුනකින් තොරව බව මට සැනකින් තේරුම් කරදෙමින්ය. මේ බසයට ගොඩවුනේ වර්ථමා‍නයේ සිගමන් යදිමින් ජීවිතය ජීවත් කරගන්නට වෙරදරණ සැබෑ කලාකරුවෙක් බව මට පසක් වූයේ ඔහුගේ  දුක් අදෝනාවෙන් හා ඔහු තෙලිතුඩින් ඇදි සිතුවම් දුටුවිටය.


මහත්තයෝ දැනට අවුරුදු ගානකට ඉස්සර  මම කාටවත් අතපෑවේ නෑ මම තමයි සුනිල් ආර්ට්. කොලඔ තියෙන ගොඩක් බොඩ් ඇන්දේ මම. එකවැඩක් ඉවරවෙන්න කලින් තවවැඩක් ආවා. මහත්තයෝ පරාට කමුද, බුරියානිකමුද, දවල් කමුද, රා බොමුද කියලා බෝඩ් ඇන්ද මට අද ජීවිතය ගෙනයන්න වෙලා තියෙන්නේ මේ විදිහට කියලා ඔහු කියාගෙන කියාගෙන ගියත් ඉන් පසු කියූ කිසිවක් මා මනසට ගෙන යන්න තරම් හඩින් නොතිබුනාද නැත්නම් මා මණස ඔහු‍ වෙනුවෙන් හටගත් දුකින් එය නිවරදි අයුරින් තැම්පත් කොට නොගත්තේදැයි මට සිතා ගත නොහැක. මා ඊට පෙර සතියේ Photoshop ඉගැන්වූ අයුරුත් එහි ඇති මහා විස්කම් තේරුම් කරදුන් අයුරුත් මා  මනසට ව‍දදෙමින්  සිහිපත් කර දුන්නද මා උඩ සාක්කුවේ වූ රුපියල් පනහේ ඉතිරිය හැර යමක් මා ඔහුගේ අතේ නොතිබුවේ බසයෙන් ගම්පොල දක්වා එන්න තරම් ප්‍රමාණවත් මුදලක් පමනක් මා සන්තකයේ තිබුනු  බැවිනි.


දෙවියනි ! අකුරක් නිවරදිව ලිවීමට හෝ නොහැකි අය කලා කරුවන් නිර්මාණය කල අකුරු හැඩද,  පින්තූරයක සැබෑ වටිනාකම හා එය ගන්නට යෙදූ ආයාසය ද නොදැන එහි ඇති කොටස් කපා ඉවත්කොට එකට අමුනා කරන මෙම පරිගණක නිර්මාණ තුල සැබෑ කලාත්මක හැකියාවන් කෙලෙසකවත් දැකගත හැකිද. පරිගණකය නොමැතිව පින්සලක් අතින් ගෙන ඔවුනට මෙවැනි නිර්මාණ කල හැකිද, අප නිර්මාණ ලෙස කොට ඇත්තේ Copy Paste මිස අන් කවරක්ද?, අප මේ  හබායන්නේ කුමක්ද. පිටරටින් ගෙන්වූ උපකරණ හා එයට ඇතුලත් කරන තීන්ත හා මෘදුණය කිරීමට යොදාගන්නා කැන්වස් Digital Printing  නමින්  මෙරට අලෙවි කිරීමට තෝතැන්නක් සකසාදීම නොවන්නේද. අනාගතයේ මේ කලා කරුවන් ගෙන් පසුව ඉතිරිවනුයේ Copy Paste කරුවන් පමනක් නොවේද.


අපට වැරදී ඇතිද? වැරදුනේ කොතනද? සිතන්න.
ඔබ හිතේ ඇතිවූයේ කුමක්ද?.  ලියන්න.


ඔබ, මා ලබාගන්නා දැනුම ලෝකයේ කවරෙකුට හෝ හානිදායක නම් එහි ඇති ඵලය කිමක්ද? අප කරනුයේ Copy Paste නම් ?.  ඔහුට අහිමිකල අනාගතයම අපටද නුදුරේදීම හිමිවනු  ඇත.

මෙම පෝස්ට් එක ඔබ ජීවිතයට කිසිදු දැනුමක් ලබා නොදුන් නමුත් Photoshop වලින් වෙබ් අඩවියකකට අවශ්‍ය ‍ප්‍රමාණයේ පින්තුරයක් සකසන අයුරුත් වෙබ් අඩවියක ආරම්භක පිටුව කොටස් වලට බෙදාගන්නා අයුරුත් විස්තර කෙරෙන පහත ලින්ක් එකෙහි ඇති වීඩියෝව පරිගණකය වෙත ලබාගෙන හැදෑරීම කරන්න.  

Photoshop