ඉතින් මේ බ්ලොග් ලිවීමේ කාලය නොවේ. මේ සින්ඩි සැකසීමේ කාලයයි. සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමේ ෆෙන්ෂුයි රහස් පරිශීලනය කළ ඔබ ඉන් නොනැවතී කින්ඩි නොවන අයුරින් සිංඩියක් සැකසීම හා පවත්වාගෙන යාමේ ෆෙන්ෂුයි රහස් හැදෑරීමට සූදානම් වීම මට නම් ගෙන දෙනුයේ මහත් වූ ආනන්දයකි.  ඉතින් ඔබ ආශාව වන මෙම සත්වැදෑරුම් වූ  ෆෙන්ෂුයි රහස් කිහිපය ඉතා කෙටියෙන් විස්තර කිරීමට මම සූදානම් වෙමි.

1.    ඔබ මේ වන විටත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නෙක් නම් හා ඔබට නව මාතෘකා කිසිවක් නොමැතිනම් එය පළමුව නවතා දමන්න.

2.    ඔබ මේ වන විටත් සිංහල බොලොගස් හී සාමාජිකයෙකු නම් ෆෙන්ෂුයි රහස් වේගවත්ව ක්‍රියාවට නැන්විය හැකිය. එසේ නොමැති නම් එහි ෆෙන්ෂුයි  සාමාජිකත්වය ලබාගන්න.

3.    ඉන්පසුව කුණු ෆෙන්සුයි සංවාද (තර්ජන ගර්ජන හා නින්දා ඇතුළත්) ඔබ මේල් පෙට්ටිය වෙත ලැබෙනු ඇති අතර මින් ඇන්දිය හැකි පිරිසකගේ ෆෙන්ෂුයි මේල් ලිපින මෙම සංවාද වෙතින් ලබාගෙන වෙනත් තැනකට කොපි පේස්ට් කරගන්න.‍

4.    ෆෙන්ෂුයි කලාවට අනුව උදෑසන නැවුම් වූ මනසින් පරිගණකය වෙත මිනිසුන් ඇදෙන වේලාව බැවින් කලින් හඳුනාගත් මේල් ලිපින ඇත්තන් වෙත සුභ උදෑසනක්, කොහොමද ජීවිතේ වැනි බොරු ප්‍රශ්න අසමින් සිංහලෙන් චැට් නමින් හඳුන්වන ක්‍රියාවලියේ යෙදෙන්න. මෙය දින කිහිපයක් දිගටම කරන්න.

5.    හඳ මෝදුවී ඇති රාත්‍රිය ෆෙන්ෂුයි කලාවට අනුව සින්ඩ් සැකසීම සඳහා ඇති හොඳම වේලාවයි. මෙම වේලාව නිසි පරිදි කළමනාකරණය කරගනිමින් සින්ඩ් සකසා අවසන් කරන්න.

6.    උදෑසනින්ම අවදිව හැදසිටින සලුපිලි ගලවා වෙබ් කැමයක් ඇත්නම් එය විසන්ධි කොට පරිගණකය අසලට ගොස් සින්ඩ් පිළිබඳ තොරතුරු ඔබ හඳුනාගෙන ඇති පිරිස් වෙත දැනුම්දීම ෆෙන්ෂුයි කලාවට අනුව කින්ඩ් නොවිය හැකි එකම ක්‍රමයයි. ඒ අනුව චැට් කරන අතර තුර අලුතින් සින්ඩ්යක් තියෙනවා දැක්කේ නැද්ද අරකට වැඩිය ඒක නියමයි උඔත් සෙට් වෙයන් කියා කියා කියන්න. මෙම ක්‍රමයට අනුව දිනකට අවම වශයෙන් 50 කට ආසන්න පිරිසක් ඔබ සින්ඩ්ය වෙත සමීපකරගත හැකිය.

7.    ෆෙන්ෂුයි කලාවට අනුව මෙම පියවරයන් සැබෑ ලෙසම අවසන් කළේනම් ඔබගේ සින්ඩ් දැන් නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇත. නමුත් කිසිවක් දර්ශනය නොවනු ඇත. ඒ මන්ද යත් සියලු දෙන සාර්ථක සින්ඩ් හිමිකාරයන් වී ඇති නිසාය.


ඔබට ෆෙන්ෂුයි පිහිටයි ආරක්ෂාවයි