Dreamweaver CS 4 පිටපත් මාගේ වියදමින් නොමිලේ බෙදාදෙනු ලබයි.

March 23
by Pradeep Kavinda Kotuwegedara 23. March 2010 00:16

වෙබ් අඩවි සැකසීම සඳහා  Dreamweaver  මෘදුකාංගයේ සතු පහසුකම් අනන්තය දක්වා විහිදේ. අප බොහෝ දෙනෙක් වෙබ් අඩවි සැකසීම සඳහා නොයෙක් මෘදුකාංග වල පිහිට පැතුවද සැබෑ පහසුකම් ගැබ්වූ කිසිවකට සමකල නොහැකි එකම මෘදුකාංගය ‍ Dreamweaver   වේ. මේ සඳහා ආදේශක කොපමණ ඇතත් මෙය මා අත්දැකීමේ හැටියට ඉතාම පහසුවෙන් වෙබ් අඩවියක් සැකසීම සඳහා පහසුකම් ඇති මෘදුකාංගය කිවහොත් ඔබ අවිවාදයෙන් එය පිලිගනු ඇත. බොහෝ විට අපට මෙම මෘදුකාංගය සොයාගැනීම අපහසුයැයි කියුවද අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් මෙම මෘදුකාංගය ලබාගත හැකිය. Dreamweaver  CS 4 මෘදුකාංගය වෙනදාට වඩා වැඩි පහසුකම් රාශියකින් යුක්තව ඔබ වෙත ලබාදී ඇත. ඉතින් එහි නිර්මාපකයන්ට පිං අනුමෝදම් කොට  Dreamweaver  CS 4 නොමිලේ ලබාගෙන අපගේ අනාගතය වර්ණවත් කරගනිමු.

 

Dreamweaver  CS 4 නොමිලේ ලබාගැනීම සඳහා Vuze ස්ථාපිත කරගන්න. Dreamweaver  පමණක් නොව ලෝකයේ ඇති බොහෝ මෘදුකාංග  නොමිලේ ලබාගැනීමට මෙය කදිම මිතුරෙක්ය. දැන්  Dreamweaver  CS 4 ලෙස සටහන් කොට සොයා බලන්න.

 

දැන්  Dreamweaver  CS 4 මා ගානේ ඔබ වෙත ලැබෙනු ඇත. දැන් ඔබගේ අඩවිය මෙමගින් ලස්සන කරගන්න.

සැ.යු.

මෙය හොරකමක් යැයි කිසි විටකත් නොසලකන්න- ‍මෙය හුදී ජන පහන් සංවේගය උදෙසාමය.

සිංහලෙන්  Dreamweaver  විඩියෝ පාඩම් ලබාගන්න.

Be the first to rate this post

  • Currently 0/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Dreamweaver

එන්න මගේ ඹන් ලයින් ඩොට් නෙට් 2010 පරිගණක පන්තියට

March 12
by Pradeep Kavinda Kotuwegedara 12. March 2010 02:32

ලංකාවේ බොහෝ පරිගණක වැඩසටහන් සම්පාදකයන් අදටද භාවිත කරනු ලබන පරිගණක භාෂාව කුමක්දැයි විමසුවොත් උත්තරය ලෙස  ලැබෙනුයේ විෂුවල් බේසික් යන්නය. බොහෝ දෙනෙක් ජාවා හෝ සී වැනි භාෂා ඉගෙන ගත්තද ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහනක් සකසා ගැනීමට විෂුවල් බේසික් පරිගණක භාෂාව භාවිත කළ හැකිය. ලෝකය කාලයත් සමඟ වෙනස් වුවද මෙහි ඇති පහසුකම් භාවිතයෙන් හෙටටද පරිගණක වැඩසටහන් සැකසිය හැකිය. ඉතා අඩු පහසුකම් සහිත පරිගණකයක වුව විෂුවල් බේසික් ස්ථාපිත කොට පරිගණක වැඩසටහන් සැකසීමේ හැකියාව ඇති නිසාම තවත් වසර ගණනාවක් මෙම පරිගණක භාෂාව ලෝකයේ භාවිත වනු ඇත.


නමුත් ලෝකය වෙනස් වී ඇත. අපගේ පරිගණකද වේගවත් වී ඇත. පරිගණක වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද  ක්‍රියාත්මක විය යුතුව ඇත. කාලය ඉතා වැදගත් වී ඇත. ඉතා පහසුවෙන් වේගවත්ව වැඩසටහන් සැකසීමේ හැකියාව අප ලබාගත යුතුය. එසේනම් අප ඩොටි නෙට් 2010 වෙත පිවිසෙමු.  


ඔබ වෙනුවෙන් විෂුවල් බේසික් ඩොඩි නෙට් 2010 පන්තිය ආරම්භ කිරීමට මා සූදානමින් සිටිමි.
ඔබට කැමති වේලාවක් මිතුරන් කිහිපදෙනෙක් සමඟ එකඟව තීරණය කරන්න. එම වේලාව kotuwegedaraඇටිgmail.com  ගිනුම වෙත යොමු කරන්න. වැඩි පිරිසක් කැමති වේලාවක නොමිළයේ අන්තර්ජාලය උපයෝගී කොට ඔබගේ පාඩම් මාලාව මෙහෙයවනු ඇත.

 

එතෙක්  ඩොඩි නෙට් 2010 මුහුණත් බලමින් එහි ආනන්දය විදින්න. ඇති ගැටළු කමෙන්ට් මගින් දන්වන්න.

 

 



Currently rated 5.0 by 1 people

  • Currently 5/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

.net

අනේ මට ලියන්න මාතෘකාවක් දෙන්න

March 10
by Pradeep Kavinda Kotuwegedara 10. March 2010 01:37
අනේ ඇත්තමයි කවුරු හරි කියන්න.

Currently rated 1.0 by 1 people

  • Currently 1/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Dreamweaver CS4 ද Expression Web ද?

March 03
by Pradeep Kavinda Kotuwegedara 3. March 2010 03:48

Dreamweaver ගොඩක් දේ දුන්න කාලයක් තිබුනා. ඒත් අලුතින් CS4  ගන්න ක්‍රමයක් තවම හමුවුනේ නෑ. ‍ඒ අතරේ Expression Web හමුවුනා. මේකෙත් වැඩ‍ ගොඩක්. ASP විතරක් නොවෙයි PHP වලිනුත් වැඩ කරන්න මෙහි පහසුකම් තියෙනවා. 

ඉදිරියට අලු‍තින් යමක් Expression Web ගැන ලියන්නම්. එ‍තෙක් මෙම තිරසටහන් ටික නරඹමු.

 


Currently rated 5.0 by 1 people

  • Currently 5/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Dreamweaver

ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම

February 24
by Pradeep Kavinda Kotuwegedara 24. February 2010 01:03

ඔබගේ සුභ පැතුම් මැද මාගේ එකොලොස්වන කෘතිය වන  ව්‍යාපාර හා ආයතන පරිගණක ගත කිරීම කෘතිය මරදාන දයාවංශ ජයකොඩ් නව පොත් ප්‍රදර්ශනාගාරයේදී අද දින උදේ 10 ට දොරට වඩින ලදි.

 

Currently rated 4.0 by 3 people

  • Currently 4/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Visual Basic

ඇරලද වහලද

February 19
by Pradeep Kavinda Kotuwegedara 19. February 2010 03:15

අද දවස හරි අපූරු දවසක් ම විය. අද උදෑසන වින්ඩෝස් 2003 සවරය අක්‍රීය ව නිසොල්මනේ වැතිරී සිටිනු දැකගත හැකියවිය. ‍වින්ඩෝස් 2003 සංයුක්ත තැටිය ඇතුළත් කොට r යතුර ඔබන්න කියුවද කිහිප අවස්ථාවක් කළද එය අසාර්ථක උත්සාහයක් විය. ඉතින් දැන් කාට කියන්නද? ‍සවරය සැපයූ ආයතනයෙන් පැමිණි හිරිමල් වයසේ තරුණයන් දෙදෙනාගේ අවසා‍න තීරණය වූයේ අලුතින් හාඩ් ඩිස්ක් එකක් සවිකොට එයට වින්ඩෝස් දමා පසුව අනෙක් හාඩ් වල ඇති බැකප් ගත හැකි බවය. එයටද කෝටේෂන් එකක් දමා තව මාස කිහිපයක් ඇතුළත කළ හැකි බව දන්වන ලදි. සවරයේ හාඩ් වෙන පරිගණකයකට සම්භන්ධ ‍කළ නොහැකි බැවින් මා උඩු යටිකුරු විය.

ඇත්තම මේක කරන්න මේ තරම් අපහසුද?

ප්‍රශ්නයට විසදුමක් ති‍බිය යුතුය. මම ඕ‍පන් සෝස් ‍ මිතුරන් දෙදෙනෙකුට කථා කලෙමි.

තාරක ලංකානෙට්

මස්සිනා මාව ගොඩ දාන්න බැරිද? මම ඔහුගෙන් විමසුවෙමි.

මචං ‍මම උඔට දීපූ ෆෙඩෝරා 11 ලයිව් සීඩී එක දාලා බූ‍ට් කරලා බලපං.. බැලුවා බූට් උනා හාඩ් පෙන්නන්නේ නෑ. මචං ඒකට හේතුව NTFS-3g ප්ලගින් එක නැතුව ඇති ඒකයි. උබුන්ටු වලින් බලපං. උබුන්ටු 8 වලින් බූට් උනෙත් නෑ.

එකම විසදුම සූපර් උබුන්ටු වලිනුත් ට්‍රයි කරපං. අර ලංකානෙට් එකෙන් දීපූ ඒකේ ගොඩක් දේ තියෙනවා.

අවසානයේදී එමගින් බූට් කළ හැකිවිය. රෙයිඩ් කරපු හාඩ් මගේ පෙන් ඔක්කොම පෙනෙනවා දැන් තියෙන්නේ බැකප් ගන්න එක විතරයි තෑන්ක් මචං.

මම අන්තවාදීව සිතුවා නම් අද දිනය තරම් අසාර්ථක දිනයක් තවත් නොමැති වනු ඇත. මා සාර්ථක විය ඒ මම අන්තවාදී නොවුනු බැවිනි.

සිතන්න ඔබ ....   

තාරක තෑන්ක් මචං. නුඔට ස්තුතියි.

Be the first to rate this post

  • Currently 0/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Open Source

කැහි ගැහැණිය ඇසුරු කරන්නන් හොටු ගැහැණිය ලඟට ගෙනයාම

February 17
by Pradeep Kavinda Kotuwegedara 17. February 2010 00:00

කැහි ගැහැණිය ඇසුරු කළද හොටු ගැහැණිය ඇසුරු කළද වෙනසක් නොමැත්තේ දෙදෙනාම ගැහැණුන් වීම නිසාවෙන්මය. නමුත් එක ගැහැණියක් හැරදා තව ගැහැණියක් වෙත යාමේදී. හැරයන ගැහැණිය ඇසුරු කළ සියළු දෙනාම කැදවාගෙන යා යුතුය. එම ගැහැණිය ඇසුරින් කළ කී මතකයද, කළ කී සියළු දෙයම අළුත් ගැහැණිය වෙත ගෙන යා යුතුය. එවිට කැහි ගැහැණිය හා හොටු ගැහැණිය අතර වෙනසක් නැති බව වඩා ඉක්මනින් වටහා ගත හැකිවනු ඇත.

වින්ඩොස් එක්පී ගැහැණිය ඇසුරු කරමින් සෑදු ගොනු, අප කළ කී සියළු දෙයත්, එය ඇසුරු කළ සියළු දෙනාත් කැදවා ගෙන වෙනත් ගැහැණියක් සොයා යාමේ කාර්යය සඳහා Windows Easy Transfer   පහසුවෙන් යොදාගත හැකිය. වින්ඩොස් එක්ස්පී සමඟ මෙම කුඩා මෙවළම ඔබ වෙත පත් නොවන බැවින් එය මයික්‍රෝසොෆ්ට් අඩවියට ගොස් බාගත කිරීමක් පළමුවෙන්ම කළ යුතුවේ. මින් පසුව ඔබට අවැසි දේ පහසුවෙන් ගෙනයා හැකි ගබඩා ස්ථානයක ගබඩා කරගත හැකිය. මෙය භාවිත කොට ඔබගේ සියලු ක්‍රියාවලීන් වෙනත් එක්ස්පී පරිගණකයට හෝ වින්ඩෝස් සවන් වෙත පහසුවෙන් ආදේශ කොට ගත හැකිය. මෙම මෙවළම වින්ඩෝස් සවන් හී ඇති බැවින් වින්ඩෝස් සවන් ඇත්නම් Windows Easy Transfer  ස්ථාපිත කරගත යුතු නොවේ.   




ඉතින් කැහි ගැහිණිය ගෙන් හොටු ගැහැණිය වෙත යාම ඉතාමත් පහසු බව ඔබට දැන් වැටහෙනු ඇත.

Currently rated 4.0 by 1 people

  • Currently 4/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Windows | Windows 7

බිල්ගේට්ට බැන වදිමින් කැස්පර්ස් කයි ලයිසන් ගැනීම

February 09
by Pradeep Kavinda Kotuwegedara 9. February 2010 23:06

මචං මම කැස්පස් කයි දැම්මා, මේ බලපං ලයිසන් ම ගත්තා යැයි මගේ මිතුරෙක් හරි  ආඩම්බරයෙන් කියුවේ හරි හමන් මාතෘකාවක් අහිමිව ලියන්නට යමක් නොමැතිව වැලේ වැල් නැතිව අන්ත අසරණව සිටි මට හෙට පෝස්ට් එකක් දාපන් කියන්නාක් මෙනි.

මේ දවස්වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වන්නේ ඕපන් සොස් බුවාලා සේ පොර ටෝක් දෙමින්  වින්ඩෝස් සවන් හොර කොපියක් පරිගණකයේ ස්ථාපිත කොට ගෙන කැස්පර්ස් කයි මිළදී ගෙන පරිගණකයේ දාගනිම්න් වැඩකිරීම බව දැනගත්තේද එම මිතුරාගෙන්මය. මට මෙය මහත්වූ ආනන්දයක් ගෙන දෙන ක්‍රියාවක් වූයේ මෙමගින් බිල්ගේට්ට සතයක් වත් නොයන බවත්, අපි ඉතින් ඕපන් සෝස්නේ කියමින්   ඔහු ආඩම්බරයෙන් කියූ නිසාවෙන්මය. ඒක හරියට තරුපහේ හෝටලයක ගොස් අනාචාරයේ හැසිරී ආඩම්බරයෙන් එළියට විත් අපි ඉතින් උපාසකයෝ නේ කියන සමහර සුපිරි මිනිසුන් ගේ ක්‍රියාවලියට සමාන වන නිසාවෙන්මය.

·        මොකද තරුපහේ හෝටලය සමානයි කැස්පස් කයි, බිලගෙනුවාට පාඩු නෑ,

·        පොලිසිය කියන වයිරස් එන්නේ නෑ,

·        අනාචාරයේ හැසිරීම යන වින්ඩෝස් හොරෙන් භාවිත කිරීම ගැටළුවක් නොවේ 

·        ඕපන් සෝස් කියන උපාසක ආරූඪයෙන් පෙනී සිටිය හැකිය.

අප මේ කරන්නේ කුමක්ද?

නොගෙවනවා නම් නොගෙවිය යුත්තේ කාටද?  මෙය සංවාදයට විවෘතය. කවුරුත් කමෙන්ට් දැම්මේ නෑ කියා ගැටළුවක්ද නැත. මගේ අඩවියට ඒවායින් අඩුවක් නැත.

Currently rated 2.3 by 4 people

  • Currently 2.25/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Virus

මට අහිමි වුයේ පෑන පමණි.

December 18
by Pradeep Kavinda Kotuwegedara 18. December 2009 23:19

ඔබ ජීවිතය සේ වටින ඔබ සතු  පෑන ඔබට අහිමි වුවහොත් ඔබ කරනුයේ කුමක්ද?. දිනක් හඩා වැටී හිත හදාගන්නවා. ආයේ අලුත් එකක් ගන්නවා. වෙන මොනවා කරන්නද. නමුත් අවුල ඇත්තේ එතන නොවේ එහි තිබෙන රහස් ටික අන්අය සතුවුවහොත් ඔබට කුමක් වෙයිද. ප්‍රශ්නයක් නෑ අපි වැදගත් එවුවා දාන්නේ නෑනේ ඔබ කියාවි. මට නැතිවෙච්ච එකේ හමුවෙන එක්කෙනාටත් නැති කිරීම ඔබට කළ හැක. වින්ඩෝස් 7 හා මින් පෙර නිකුත් වී අපට කරදරයක් වූ විස්ටා මෙහෙයුම් පද්ධතියෙහි මට අහිමි වීම සැබෑ අහිමි කිරීමක් කිරීමේ පහසුකම ඇත. මෙහිදී මුර පදයක් යොදා පෑන ආරක්ෂා කරගත හැකි අතර, එම මුරපදය ලබාදෙන තෙක් මෙම පෑනෙහි ඇති ගොනු දිග හැර පෙන්වනු නැත.

ඒ සඳහා

 




ඔබට මෙය භාවිත කළ හැකි වනුවේ විස්ටා, වින්ඩෝස් 7, වින්ඩෝස් සවර් 2008 වල පමණි.(මේ සියළු පහසුකම් ලබාදෙනුයේ පුංචිම පුංචි රුපියල් 100 කටය.) 

Currently rated 2.0 by 2 people

  • Currently 2/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

IIS අලුත් වෙලා, පාට වෙලා, ලස්සන වෙලා

December 18
by Pradeep Kavinda Kotuwegedara 18. December 2009 02:08

වෙබ් අඩවියක් පරිගණකයේ පවත්වාගෙන යාමට නම් එම පරිගණකයේ වෙබ් සවර් මෘදුකාංගයක් ස්ථාපිත කර ගත යුතුවේ. ලෝකයේ බොහෝ පරිගණකවල වෙබ් සවර් මෘදුකාංගය ලෙස Apache  හෝ  IIS භාවිතා කරනු ලැබේ. මෙම මෘදුකාංග දෙකම විවෘත මෘදුකාංග යැයි කියුවොත් ඔබ මා සමඟ යුද්ධයට පැමිනෙනු ඇත. සැබැවින්ම ඔබ විසින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිළදී ගතහොත්   ඒ සමඟ IIS නොම්ලේ ලැබේ. මීට පෙර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමඟ නොමිලේ ලැබුනු මෙම මෘදුකාංගය නොවැදගත් එකක් ලෙස හදුන්වා, IIS නවතා Apache  ස්තාපිත කර පරිගණකය වෙබ් සවරයක් කරගන්නට ඇත. නමුත් දැන් Apache  මකා IIS ස්තාපිත කරගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. ඒ අන් කවර හේතුවක් වත් නිසා නොව එහි ඇති පහසුකම් නිසාවෙන්මය. Apache  හී අපහසුවෙන් කළයුතු කාර්යයන් දැන් පහසුවෙන් IIS තුළ කළ හැකිය.

පහත තිර සටහනේ  IIS හී දැකගත හැකි පහසුකම් දැක්වේ.

මෙම වෙනස වින්ඩෝස් 7 හී දැකගත හැකිය. වින්ඩෝස් සවර් 2008 හී ද මෙම පහසුකම් මෙලෙසින්ම දැක්වේ. ඉතින් දැන් ඔබ ගන්නා තීරණය කුමක්ද? 

1.       කළු කැත අමාරු Apache  ද?

2.       ලස්සන ඇඳිවතින් සැරසුණු IIS ද?

3.       මොන එකත් එකද ?

Currently rated 4.5 by 2 people

  • Currently 4.5/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

IIS/Apache

Members සාමාජිකයන්


http://www.hiddendhamma.net

Your website value?


None

Calendar

<<  September 2010  >>
MoTuWeThFrSaSu
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
45678910

View posts in large calendar

ඔබ දැක්වූ අදහස් පෙළගැස්ම

Comment RSS

අඩවියේ වෙනත් අරමුණු

My other aims include helping software developers and students of computer science. You can also help by submitting source codes to download from this site. We will create page for this downloads and indicate the author with each source code.
 
මෙම අඩවියේ අරමුණ මාගේ පාඨකයන්ගේ හා මෙම අඩවිය වෙත පැමිනෙන ඔබගේ දැනුම වර්ධනය කිරීමය. ඒ සදහා ඔබ විසින් මෙම අඩවිය වෙත ලබාදෙන පරිගණක කේතද මෙම අඩවියට එක් කෙරෙනු ඇත.

වෙබ් අඩවියට පැමිණීම

අදහස්