www.kotuwegedara.com

Excel හී SQL විධාන භාවිතය


ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක්  දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2013 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් පත්‍රිකා මෘදුකාංගයක් අභිබවා යන දත්ත ගොනුවක් හැසිරවීමට වුවද පහසුකම් ලබාදෙනු ලබන මෘදුකාංගයක් බවට පත්විය.

මෙහිදී Data Tab එක වෙත From Database යන පහසුකම වැඩිදියුණු කොට ලබාදෙන ලදි.

 

එක්සෙල් 2013 වෙලුම සමඟ Relational Database හැසිරවීමේ හැකියාව වැඩිදියුණු කර අපවෙත අලුතින් Power Query යන පහසුකම වෙනමම පහසුකමක් කර ඉදිරිපත් කර ඇත. දැන් ලෝකයේ වඩා ජනප්‍රය SQL Server, MySQL, ORACLE, MS -Access වැනි දත්ත ගොනු හැසිරවීමේ පහසුකම අප වෙත ලබාදී ඇත.

ඔබ SQL විධාන පිළිබඳව අවබෝධයක් ඇත්නම් මෙම පහසුකම මගින් දත්ත ගොනුවක ඇති දත්ත විවිධ ආකාරයෙන් වෙනස් අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස ඔබගේ පරිගණකයේ හෝ ජාලයෙහි SQL Server ඇතුළත්ව ඇත්නම් ඉතා පහසුවෙන් Excel වෙත ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව ලබාගත හැකිය.

 මෙහිදී ඔබ විසින් Data Tab එකෙහි ඇති From Database යන්න තෝරාගත්තේ නම් From SQL Server Database යන්න තෝරාගත් පසුව පහත දැක්වෙන කවුළුව ඔබ වෙත ලැබෙනු ඇත.

මෙහිදී ඔබගේ SQL Server එකෙහි නමත් දත්ත ගොනුවෙහි නමත් ඇතුළත් කිරීමෙන් පසුව Sql Statment යන කොටසෙහි ඔබට ලබාගැනීමට අවශ්‍ය තොරතුරු වලට අදාල SQL විධානය පහත පරිදි ඇතුළත් කළ හැකිය.

මෙහිදී අප විසින් ඇතුළත් කළ SQL විධාන වලට අදාල තොරතුරු එක්සෙල් වෙත ලැබෙනු ඇත.

 

මෙමගින් ලබාගන්නා දත්තයන් මගින් Pivot Table සැකසීම ප්‍රස්තාර සැකසීම හා වෙනත් වෙනත් කාර්යන් වෙනුවෙන් භාවිත කළ හැකිය. අපගේ දත්තයන්  SQL Server, MySQL, ORACLE, MS -Access  වැනි කුමනම දත්ත ගොනුවක ගබඩා කොට තිබුනද දත්ත ගොනු දෙකක Table දෙකක් අතරවුව සම්භන්ධතාවයන් සකසා ඒ අනුව දත්ත හැසිරවිය හැකිය. මෙම පහසුකම පිළිබඳ ඔබ දැනුම වැඩිදියුනු කරගැනීම මගින් ආයතනයක දත්ත හැසිරවීම මගින් නිවැරදි තීරණ ගැනීමට ඔබට උදවුවිය හැකිය.

Have any Question or Comment?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

If you need to buy IT Ralated books. Please Choose Book Menu in top

Categories