www.kotuwegedara.com

Office Install නොකර Online භාවිත කරමු


ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත්   මෘදුකාංග එකතුවක් වෙනවා.

මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ

අද මම කියාදෙන්න යන්නේ Microsoft Office install කරන්නේ නැතුව මයිකෝසොෆ්ට් ඔන්ලයින් පාවිච් කරන හැටි.

ඔබ වර්ඩ් වල වැඩ කරලා ඇති ඔබ දන්නවාද ඒකේ තියන සම්පූර්ණ පහසුකම් ප්‍රමානය මම කියුවොත් 7000 කට වැඩියි කියලා ඔබ පුදුම වෙයි. ඒත් අපි ඇත්තටම පාව්චිච් කරන්නේ ඒකෙන් 200 300 විතර ප්‍රමාණයක්

Office Online වලදී අපිට ඹපිස් software වල තියෙන සෑම පහසුකමක්ම පාවිච්චි කරන්න හැකියාවක් නෑ නමුත් අපිට ඕනම කරන පහසුකම් සියල්ල ඒ තුළ දැකගන්න පුලුවන් කොහොමද ඔපිස් Install නොකර ඔපිස් පාවිචි කරන්නේ කියලා බලමු.

මේ සඳහා ඔබ කළ යුතු වන්නේ ඔබගේ මයික්‍රෝසොෆ්ට් ඊ මේල් ගිනුමට ප්‍රවෙිශ වීම පමණයි. පසුව  වම් පස ඉහල කෙළවරෙහි  ඇති අප් ලොන්චර් අයිකනය ක්ලික් කිරීම මගින් Word, Excel, PowerPoint වැනි මෘදුකාංග භාවිත කරන්න පුලුවන්. මෙහිදී සකසනු ලබන ගොනුව ඒ අවස්ථාවේදිම OneDrive හී ගබඩා වනු බැවින් වෙනස් අවස්ථාවකට ඕනෑම උපකරණයකින්  මෙහි වෙනස් කම් කිරීමට හා වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කරගැනීමේ හැකියාව අපට ලැබේ.

Word Online වෙත පිවිසුනු පසුව පහත රූපයේ ආකාරයෙන් දැකගත හැකිය.

Excel Online වෙත පිවිසුනු පසුව පහත රූපයේ ආකාරයෙන් දැකගත හැකිය.

Power Point Online වෙත පිවිසුනු පසුව පහත රූපයේ ආකාරයෙන් දැකගත හැකිය.

Have any Question or Comment?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

If you need to buy IT Ralated books. Please Choose Book Menu in top

Categories