විවර කරගත් පසුව නූතනේ ඇබකසය
සිතන ලෙස Do ද ඇත, පතන Undo ද ඇත.
ඉන් පිටත ලෝකයේ සැබෑ මගේ ලෝකයේ
Do සීමිතය,Undo කොහෙත්ම නැත.
අපට අප සීමිත මේ ලොවෙහි වාසසේ කුමණ ඵලයක්ද Undo නැති
මගේ දෙවියනි බැතින වැඩ මගේ ලොවට,
එක් ගුලියක් දෙනුමැනවි ගුලිදෙකක් කුමට මට
උඩ දමා ඒ ගුලිය එක්වරක් ජීවිතයේ වැරදුනම තැන වත් Undo කරන්නට.