ව්‍යාපාරයක් පරිගණක ගත කිරීම සදහා විෂුවල් බේසික් භාෂාව යොදා ගැනීම   විඩියෝව

 

නුතන ලෝකයේ සැබෑ අවශ්‍යථාවයක් වන ව්‍යාපාරයක් පරිගණක ගත කිරීම යන ක්‍රියාවලිය තේරුම් කොට දීම හා මේ සදහා සැබෑ ලෙස පරිගණක භාෂාවක් භාවිතා කරනු ලබන ආකාරය තේරුම් කරදීම මෙම පාඨමාලවේ සැබෑ අරමුනය. මෙමගින් විෂුවල් බේසික් 6 වෙලුමත්, විෂුවල් ස්ටූඩියෝ .Net 2005  භාවිතා කරනු ලබන ආකාරයත් විස්තර කරදීමට මා උත්සාහ කරමි. සෑම සිකුරාදා දිනකම එක් පාඩමක් බැගින් සති දොලෙහකින් මෙම පාඨමාලාව ‍පැවැත්වීමට අපේක්ෂා කරමි. මෙහිදී මා පොරොන්දු උනු පරිදි එක් පාඩමකට එක් නිබන්ධනයක් හා ප්‍රායෝගික විඩියෝ පාඩමක්ද ඇතුලත් වෙනු ඇත. මෙහිදී එම සතිය අතර තුර ඇතිවන ප්‍රෂ්ණ මෙම අඩවියේ ඇති කමෙන්ට් භාවිතා කොට විසදීමටත් සහභාගී වන පිරිස අතර ඇති කරගන්නා සම්භන්ධථා මගින් තව දුරටත් වැඩි දැනුමක් බෙදාහදා දීමටත් කටයුතු කරමි.

මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක් ඔබට හිමි නොවුනද ජීවිතයට ආදායමක සේයාවක් හෝ දැකිය හැකි පුද්ගලයෙකු බිහිවනු දැකීම මා එකම අපේක්ෂාව වේ.


පාඨමාලාව සදහා ඔබ විසින් ගෙන ආ යුතු දේ

  • ඔබගේ නිවරදි අරමුණ

  • අනුන්ට උදවුකිරී‍මට ඇති උවමනාව

පාඨමාලාවට ප්‍රථම පරිගණකයේ ස්ථාපිත කොටගත යුතු මෘදුකාංග

  • විෂුවල් බේසික් 6 වෙලුම

  • විෂුවල් ස්ටූඩියෝ .Net 2005   හෝ විෂුවල් ස්ටූඩියෝ .Net 2008

  • ඇක්සස් මෘදුකාංගය

  • SQL Server 2000 හෝ පහසුවෙන් සොයාගත හැකි වෙලුමක්

  • ORACLE 8 i හෝ පහසුවෙන් සොයාගත හැකි වෙලුමක්

  • Cristal Report 8 හෝ පහසුවෙන් සොයාගත හැකි වෙලුමක්

ඔබ මෙම පාඨමාලාව හැදෑරීම සදහා තවමත් ඉල්ලුම් කොට නොමැතිනම් මෙම අඩවියේ සාමාජිකත්වය අනිවාර්යයෙන් ලබාගන්න. (ඉදිරියේදී පන්තියට ඇතුලු වීමට රහස් අංකයක් ඔබට ලැබෙන අතර පංතියේ පාඩම් අතර මැදදී මෙම අංකය ලබානොදෙනු ඇත.) ඔබ විසින් මිතුරන්ද සම්භන්ධ කරනු ඇතැයි බලා පොරොත්තු වෙමි.

මෙම පාඩම් මාලාවෙහි පාඩම් පහත පරිදි ගොනුවෙනු ඇත.

1.    ව්‍යාපාරයක හැසිරීම හදුනාගැනීම හා විෂුවල් බේසික් හී කොටස් හදුනාගැනීම.

2.    Control හදුනාගැනීම  Property හදුනාගැනීම  Event හදුනාගැනීම කුඩා වැඩසටහනක් සැකසීම.

3.    Command Button, Text Box, Form, Option Button, Check Box, List box හා භාවිතන් හා එම කොටස් වැඩසටහන් සදහා යොදා ගැනීම

4.    Function හදුනාගැනීම හා ප්‍රයෝගික භාවිතයන්.

5.    Procedures and Function සැකසීම හා Message Box හා Input Box  භාවිතය.

6.    Variable හදුනාගැනීම හා භාවිතය IF හා Case තර්කන හදුනාගැනීම හා  Loop භාවිතය.

7.    Menu Bar හා  Tool Bar ඇතුලත් කොටගැනීම හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කේත සටහන් කිරීම

8.    (RDBMS ) Access දත්ත ගොනුව භාවිතයෙන් දත්ත ගොනුවක් සැකසීම. Oracle හා  SQL Server හදුනාගැනීම

9.    SQL විධාන හදුනාගැනීම හා දත්ත මගින් දත්ත ගබඩා කොට ගැනීම.

10.  Cristal Report මෘදුකාංගය මගින් දත්ත ගොනුවලින් ලබාගන්නා දත්ත Report බවට පත්කිරීම

11.  විෂුවල් ස්ටූඩියෝ .Net 2005  හදුනාගැනීම

12.  වැඩසටහනක අඩුපාඩු නිවරදි කොට පහසුවෙන් ස්ථාපිත කල හැකි Setup වැඩසටහනක් බවට පත්කිරීම

විඩියෝව