PHP හී සියල්ල ඉගෙන ගනිමු.


මගේ අඩවිය සැකසී තිබෙනුයේ ASP වලිනි නමුත් අදදින ඒ වෙනුවෙන් කඩේ නොයමි. අද මගේ පාඩම PHP ගැනය. මොකක්ද මේ ASP, මොකක්ද මේ PHP. PHP හා  ASP යනු  සවර්භාෂාවන්ය. වෙබ් සවර් එකක් හැසිරවීමට අවශ්‍ය විධාන ලබාදීමට මෙම භාෂා යොදාගත හැකිය. ASP Microsoft සමාගමේ භාෂාවක්ය. PHP මිහිපිට මනුෂ්‍ය දෙවිවරුන් සැකසූ භාෂාවක්ය.


වෙබ් අඩවියක් ස්ථාපිත කරනුයේ වෙබ් සවර් එකක් තුලය. වෙබ් සවර් කියා ලොකු පරිගණක වර්ගයක් වෙළද පොලේ මිලදී ගැනීමට නොමැත. සාමාන්‍ය පරිගණක වුව වෙබ් අඩවියක් ගබඩා කොට තැබිය හැකිය. නමුත් එහි වෙබ් සවර් මෘදුකාංගයක් ක්‍රියාත්මකව තිබිය යුතුය. එවිට පරිගණකය වෙබ් සවර් එකක් වනු ඇත. Linux මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත ‍කොට ඇති පරිගණකයක Apache වෙබ් සවර් මෘදුකාංගය ස්ථාපිත කොට එම පරිගණකය වෙබ් සවර් එකක් බවට පත් කොට, වෙබ් අඩවියේ පිහිටුවන දත්ත ‍ගොනුව ලෙස MySQL දත්ත ගොනුවත්, වෙබ් සවර්එකෙහි කාර්යන් කිරීම සදහා PHP භාෂාවත් (Server Scripting Language) යොදාගත හැකිය.


එවිට Linux, Apache,  MySQL, PHP පහසින් අපගේ ජීවිතය පහන්කරන ලාම්පුව ලැබේ. (අපගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල එමගින් ලබාගත හැකිය) මේ සියල්ල විවෘත්ත මෘදුකාංගවේ. මෙම හතර නොතිබෙන්නට වෙබ් අඩවියක් ගෙනයාමට ඉතා අධිකමුදලක් ගෙවීමට සිදුවීමට ඉඩ තිබුනි. මෙම සියල්ලටම පිං සිද්ධ වෙන්න ඉතා සුලුමුදලකට වෙබ් අවකාෂයක් ලබාගැනීමේ හැකියාව අපට ලැබී ඇත. (LAMP කාර්යය‍ සේම Windows ස්ථාපිත කොට ඇති පරිගණකයක වෙබ් සවර් මෘදුකාංගය ලෙස Internet Information Services  ස්ථාපිත කොටත්, එහි භාවිතා වන දත්ත ගොනුව ලෙස SQL Server දත්ත ගොනුවත්,  ස්වර් භාෂාව ලෙස ASP ත් යොදාගත හැකිය)


Linux මත පමනක් නොව Apache,  MySQL, PHP සාමාන්‍ය Windows මෙහෙයුම් පද්ධතියේද ස්ථාපිත කොටගත හැකිය. එවිට ලාම්පුවක් නොලැබේ, නමුත් අදාල කාර්යය සිදුවේ. Apache,  MySQL, PHP යන මෘදුකාංග තුනම එක වැර ස්ථාපිත කොට ගැනීම සදහා අපට Xampp ස්ථාපිත කොට ගත හැකිය. එවිට අපට නොදැනම සියලු මෘදුකාංග ස්ථාපිතවේ. මෙම ස්ථාපිතවීම හරියට මොලයේ කාර්යය නොදැන මොලයක් ලැබූ අප වැනිය. මොලයේ කුමන කොටස් කුමණ ආකාරයෙන් යොදා ගතහැකිද? වඩා ප්‍රසස්ථ අයුරින් එය භාවිතා කරන්නේ කෙසේද? යන්න පිලිබදව හොද අවබෝධයක් අපට නොතිබුනොත් වඩා හොද කාර්යයක් අපට කල නොහැකිවේ. එලෙසින්ම තනිතනි මෘදුකාංග ස්ථාපිත කොට එහි අභ්‍යන්තරය වඩා හොදින් අවබෝධ කොට ගැනීම වඩා ප්‍රතිථල දායකයැයි මා විශ්වාස කරමි.


අප පාඩම වෙත පිවිසෙමු.


PHP ස්ථාපිත කිරීම සදහා පලමුව අප පරිගණකය වෙබ් සවර්එකක් කරගත යුතුය. අප වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන බැවින් අපගේ පරිගණකය වෙබ් සවර්එකක් කරගැනීම සදහා Apache වෙනුවට IIS (Internet Information Services) ස්ථාපිත කරගත හැකිය.


Internet Information Services ස්ථාපිත කිරීම


මෙය ඉතා කුඩා වාක්‍යකන්ඩ කිහිපයකින් විස්තර කල නොහැකි බැවින් එය ස්ථාපිත කරනු ලබන ආකාරය විස්තර කිරීමට මා විසින් වෙනත් අවශ්‍යථාවයක් වෙනුවෙන් ලියූ ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරමි. මෙම ලිපි‍ය මගින් Internet Information Services ස්ථාපිත කරගන්නා ආකාරයත් එය ස්ථාපිත කිරීමෙන් පසුව වෙබ් සවර්එකක් ලෙස පරිගණකය හැසිරෙන අයුරුත් නිවරදිව විස්තර කර ඇත. ඒ අනුව එය නිවරදිව ස්ථාපිත කොටගන්න. (මෙම ලිපිය කියවන  Apache වලට ඇලුම් කරන්නෙකුට Apache ස්ථාපිත කරගන්නා ආකාරය ලිවීමද අවස්ථාව ලබා දිය යුතුයැයි මට හැගේ. එය  ඔබට භාරය)


Internet Information Services ස්ථාපිත කිරීමේ පාඩම ලබාගන්න.


මෙසේ Internet Information Services ස්ථාපිත කොටගැනීමෙන් පසුව PHP ස්ථාපිත කල හැකිය. එය කරනු ලබන ආකාරයත් එයට අවශ්‍ය PHP වෙළුමකුක් ලබාගන්න. මේ සදහා PHP 4.2 වෙළුම ඔබ යොදාගන්න. අලුත් වෙලුම් ඇතත් Internet Information Services තුලත් මා විසින් ඉදිරියේදී උගන්වන  MySQL හා Dreamweaver පාඩමේදීත් එය කිසිදු ගැ‍ටලුවක් නොමැතිව ක්‍රියාත්මක වනු ඇත.


PHP 4.2 වෙළුම මෙතනින් ලබාගන්න.


Internet Information Services  ක්‍රියාත්මක වන ආකාරය හා PHP ස්ථාපිත කිරීම කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලබාදීම සදහා ‍මෙම වීඩියෝව ලබාගන්න. පසුව නිවරදිව Internet Information Services   හා PHP ස්ථාපිත වී ඇති දැයි තහවුරු කරගැනීමෙන් පසුව PHP පාඩම වෙත පිවිසෙමු.


ඔබ විසින් මෙම මෘදුකාංග නිවරදිව ස්ථාපිත කොට ගත්තේ නම් PHP හැදෑරීම ආරම්භ කල හැකිය. ඔබ ඒ සදහා සූදානම් බවත් Internet Information Services  හා PHP ස්ථාපිත කොට අවසන් බව පමනක් මට දන්වන්න. මීළග පාඩමින්  PHP භාෂාවෙහි සියල්ල ඉගැන්වීමට මා අපේක්ෂා කරමි.


මෙම ලිපිය PHP ඉගැන්වීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීමක්ය.

Share/Save/Bookmark