ආයතනයක ප්‍රධානියා වූ කලී අපූරු රංගනයක යෙදෙන්නෙකි. ඔහු ඇතැමුනට ලෙන්ගතුය. ඇතැමුන්ව දැකීමටද අකමැතිය. මෙයට හේතු ගො‍ඩක් ඇත.  ලිංගිකත්වය ඉන් ප්‍රධාන තැනක් ගනී. ඇතැමුන් ප්‍රධානියා ඉදිරියේ නොදන්නා ශිල්පද ‍දක්වයි.  ඉන් ඇතැමුන් ජනප්‍රියත්වයට  හා ප්‍රසාදයට පත්වෙයි.  වැඩේ කියන්නේ කොච්චර ශිල්ප දැක්වුවද මටනම් චාන්ස් නැත. ඒ මම හිතන්නේ කටින් වීමයි. හැබැයි මගේ ‍වැඩ ගැනනම් ලොක්කා පැහැදීමකින් සිටී. ඒ මම එකසීය ගානට දෙන්න ඕනේ එවුවාටත් වැඩිය දීමය.


ඒ මම එකම දත්ත ගොඩ එක එක විදිහට දීමට Excel හී Pivot Table භාවිතා කරන නිසාවෙන්ය.. මොන රිපෝට් එක ඉල්ලුවද මම දෙයි. මම හොදයි නේද?


අද පාඩම ලමයින්ට හොදට තේරැනාද? කියන්න.