.ASP අවකාෂයේ ඉ‍ගැන්වෙන PHP පාඩම (අංක 02)

මේ වන විටත් පංතියේ පලමු පාඩම හදාරා අවසන් කල බබාලාට ඔන්න දෙවන පාඩම මම අද නිදහස් කරනවා. මේ පාඩමේ පිටු අටක් තියෙනවා නිදහසේ කියවලා සෙනසුරාදා ඉරිදා නිවාඩු පාඩුවේ කරන්න ඕනේ හොදද. පොඩි කාරනයක් කියන්න ඕනේ. මෙම පාඩම ගත්තද නැද්ද කියලා විතරක් මට කියන්න. පාඩමේ ප්‍රෂ්ණද ඉදිරිපත් කරන්න. පන්තියට එන්නේ නැති හොද ලමයි. පංති එන ලමයින්ට කියාදෙන්නත් අමතක කරන්න එපා. (ගුරාට උනත් උගන්නන් පුලුවන් කියලා මම කියලා තියෙනවානේ) අද පාඩම කරලා අවසන් වෙච්ච ගමන් මේක මෙලෝ රහක් නැහැ කියන්නත් පසුබට වෙන්න එපා.

අවුරුද්දට පෙර තව පාඩමක් මම නිදහස් කරනවා හැබැයි. දහ දෙනෙක්වත්  පාඩම් ඉවරයි කියලා කියන්න ඕනේ.

අවුරුද්දෙන් පස්සේ  අලුත් පංති කාමරයකදි හමුවෙමු. මේ වගේ ටියුට් එකක් හා විඩියෝ පාඩම් දෙන පංතියක නොව ‍ ලයිව් ප්‍රෂ්ණ අහන්න. මගේ ලස්සන මූණ බලාගෙන මූණට මූණ බලාගෙන ඉගෙන පුලුවන්, සිහින පිරුනු පංතිකාමරයක හමුවෙමු. එතකොට මටත් පංතියේ ලමයි‍ගේ මූණ බලන්න පුලුවන් වෙයි නේ. පංතියට ඇවිත් බයිලා ගහන අයව මම එළවනවා හැබැයි. 

 

පංති කාම‍රය හදන්න බදාම අනන්නත් ඕනේ. කවුද මට උදවුකරන්න කැමති. ස්තුතියි

PHP පාඩම ගන්න