මට අපූරු හීනයක් තිබුනි. ඒ මගේ අඩවියට පැමිනෙන සියලු දෙනාටම හොද දැනුමක් ලබාදීමය. මේ සදහා සම්පූර්ණ පාඩම් පෙළගැස්මක් මට ලබාදීමට උවමනා විය.

ගම්පොලයා ලෙස ලියන විට එම අඩවියට සියගනන් පිරිස ඇදී ආහ. මම කියූ කථා වලට ගණන් කල නොහැකි තරමේ ප්‍රතිචාර ලැබුනි. පොස්ට් සියල්ලම ප්‍රතිචාරවලින් පිරී ඉති‍රී ගියේය.  නමුත් මින් සමාජයට කිසිවක් නොලැබෙන බව තේරුම් ගත් මා එම චරිත‍යම මරාදමන ලදි.  මා යලි උපන්නේ කොටුවේගෙද.com ලෙසය. එදා ගම්පොලයා ලෙස ප්‍රතිචාර වලින් උද්දාමයට පත් මා ‍කොටුවේගෙද.com හී ප්‍රතිචාර නොමැති පෝස්ට් ලිවීම යන කාර්යයට අත ගැසුවෙමි.  ප්‍රතිචාරයනු එක්තරා  නිර්ණායක‍යක යක් නම් මා අසාර්ථක වී ඇතිද යන්න මට ඇති වන ගැටලුවකි. මාගේ අලුත් ක්‍රමයෙහි වරදක් ඇත්නම් එය කුමක්ද යන්න සොයාගත හැකි ක්‍රමයක් තිබිය යුතුය. එය කුමක්ද. 

එක් අයෙක් පමනක් ඉල්ලූ අවසන්  PHP පාඩම

MySQL දත්ත ගොනුවකට දත්ත ඇතුලත් කරගන්නා ආකාරය මෙහි විස්තර කර ඇති බැවින්  MySql ද ස්ථාපිත කොට ගන්න.

මීලග පාඩම javascript පාඩමට සූදානම් වෙමු

free counters