බස් එකේ පොල්ලේ එල්ලිලා පන්තියට ‍ගිහින් ඉස්සරහා කියලා හිතාගෙන අන්තිම පේළියේ ඉදන් ඉගෙන ගත්ත කාලේ ඉවර කරන්න දැන්කාලය ඇවිදින්. හැබැයි එහෙම පන්ති වල තියෙන සැප මම නොදන්නවාත් නොවෙයි. ලෝකය වෙනස් වෙමින් යනවා. පන්තියට යන විදිහත්, ඉගෙන ගන්න විදිහත්, උගන්නන විදිහත් වෙනස් විය යුතුයි. ටියුට් එකක් දීලා වීඩියෝවක් දීලා මම උගන්වන විදිහ හොදයි කියලා පන්ති එන ළමයි කියුවට, හිටි කවුන්ටරේ නැග්ගට කමෙන්ට් දාලා මාව දිරිමත් කලාට ළමයින්ගේ හැගීම් දෑනීම් මට තේරෙන්නේ නැති නිසා මම හිතන්නේ මේ ක්‍රමය අසාර්ථකයි කියලාමයි.

මට උවමනා ලෝකේ හැම තැනම ඉන්න ළමයි එක පන්තියක් ඇතුලට ගෙනත් ‍උගන්වන්න. එකිනෙකාගේ හැගීම් ස්පර්ශ කරන්න, හරිදේ නිවරදිවම දෙන්න. ඉතින් මම On Line පන්තිය ආරම්භ කරනවා මේකත් අ‍නිත් පන්ති වගේම නො‍මිලේ. මගේ වෙබ් එකේ Members වෙච්ච සාමාජික යන්ට ඉදිරි දින කිහිපයේදී පන්තියේ ආසනයට හිමි ID හා  Password එකත් පන්ති පැවැත්වෙන කාල සටහනත් ලැබේවි. කරන්න තියෙන්නේ ඔබගේ පරිගණකයේ Microsoft Office Live Meeting ස්ථාපිත කරගෙන වේලාවට පන්ති එන එක විතරයි. සාමාජිකත්වය ගත්ත නැති අයට සාමාජිකත්වය ගන්නත්, පන්තියේ කාලසටහන වෙනස් කරගන්නත් ‍පුලුවන්. හොදම යාලුවටත් අරයටත් කියන්න මගේ විරුද්ධත්වයක් නැහැ. තාක්ෂණික ගැටලු ඇතිවෙන්නේ නැහැ. කවුරු ආවත් මම උගන්නනවා ගුරුමුෂ්ඨි නැතුවම.

අපි පන්ති කාමරයේදී හමුවෙමු. ප්‍රශ්න අහන්න පුලුවන්, ගුරාටත් උගන්වන්න පුලුවන්. හැබැයි දගකරන්න බෑ.සෙල්ලම් පෙන්නවා‍ ....