අප විසින් ඩොමේන් පැකේජ් එකක් ලබාගත් පසුව එහි අප විසින් තනන වෙබ් අඩවිය ගබඩා කොට අපට හැකි පමන සෙල්ලම් දැමිමට ‍ඉඩ මදිවුවද වෙනත් ස්ථානවල ගොනු ගබඩා කොට හැකි පමන සෙල්ලම් උපරිමයෙන් දැමිය හැකිය.  නමුත් අපට ලැබෙන පැකේජයට ලැබෙනුයේ බොහෝවිට මේල් අංක එකක් හෝ පහක් වැනි කුඩා සංඛ්‍යාවකි. එසේම මෙහිදී වෙබ් මේල් වැනි පහසුකමක් අපට හිමිවුනද ජීමේල් වල හැඩය හා රස හදුණන අපට  මෙය එපාවීම නොරහසකි.  නමුත් අපගේ ඩොමේන් ‍නාමයම භාවිතා කොට ජීමේල් හී මේල් සකසා ගැනීමේ හැකියාව ඇත. මේ සදහා කල යුත්තේ http://www.google.com/a ලෙස සටහ‍න් කොට අවශ්‍ය තොරතුරු පිරවීමත් එය විසින් කියන උපදෙස් අනුව වෙබ් සවරය හැඩගැස්වීමත් පමනි. පසුව https://www.google.com/a/ යන්නට පසුව ඔබේ අඩවි නාමය සටහන් කිරීමෙන් (උදා  https://www.google.com/a/mail.natlib.lk) ජීමේල් වල සේම User Name හා Password ඇතුලත් කිරී‍මට කොටසක් ලැබෙන අතර එය ලබාදීමෙන් පසුව ඔබට අවශ්‍ය පරිදි මේල් ගිනුම් සකසා ගැනීම කල හැකිය. කොල්ලනේ ඔබට වෙබ් අඩවියක් තියෙනවානම් ඔබගේ ගෙදර අයට අයියලාට මල්ලිලාට අල්ලපුගෙදර අයට තව ගමටම මේල් හදලා දෙන්න නිකන්. මේ වැඩේ තේරුනාද? (මම කෙටියෙන් ලියන්න හැදුවේ තේරුනේ නැද්ද)