ඊයේ බො‍රැල්ලේ තැන් කිහිපයකින්ම ම‍ට වුවමනා මෘදුකාංග සීඩි කිහිපයක් සෙවුවා. මල්ලී සි.අයි.ඩි ද කියලා මගෙන්  විමසුවා , දැන් මල්ලී  අපි ඒවා විකුණන්නේ නෑනේ කියලා මට ඒ අය උත්තර දුන්නා. මොනවා කරන්නද  Torrent එකකින් වත් ගන්නවා කියලා හිතහදාගත්තා. ඒ අතරේ මට Vuze (Azureus) හමුවුණා මේක මරු, ගොඩක් දේවල් මින්  ගන්න පුළුවන්. ගීත,චිත්‍රපට විතරක් නොවෙයි මෘදුකාංග, ඊ පොත් ක්ෂණිකම සොයාදෙන අතරම ඉක්මනින්ම ලබාගන්නත් පුළුවන්. මමනම් ඇල්වතුරත් නිවලා බොන නිසා මෘදුකාංග විතරමයි ගන්නේ. Vuze (Azureus) ලිනක්ස් හා වින්ඩෝස්  පද්ධති දෙකේම දාගන්න පුළුවන්. ආසද බලන්න.