පන්තියක එක් ගුරුවරයෙක් හා එයට සවන් දෙන හෝ නොදෙන සිසුන් පිරිසක් සිටිය යුතුය. එවිට අඛණ්ඩව පන්තියක් අමාරුවෙන් හෝ පවත්වාගෙන යා හැකිය. ඔන්ලයින් පන්තියක් කිරීමේ දී ඒ සඳහා අපට ඉතා පහසුවෙන් Windows Live Meeting   භාවිතා කළ හැකිය. ඔබ යම් ලෙසකින් කොටුවේගෙදර.COM ඔන්ලයින් පන්තියකට සහභාගී වී ඇත්නම් මෙම අත්දැකීම ගැන අමුතුවෙන් විස්තර කළ යුතු ‍නොවේ.

යම් කිසි වේලාවකදී මෙහෙයවන්නෙක් හා සවන්දෙන්නන් අතර සම්බන්ධතාවයක් ඇති කරවීම මෙමගින් කරයි. අප විසින්  Windows Live Meeting  භාවිතයෙන් යම් වේලාවක් වෙන් කළ හොත් මෙහෙයවන්නාට හා සහභාගී වන්නන්ට වෙන වෙනම හැදුනුම් අංක ලැබෙන අතර ‍මෙය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ එක්විය හැකිය. මෙය මෙහෙයවන පුද්ගලයාට තමාගේ පරිගණ‍කයේ ඇති ඹ්නෑම මෘදුකාංගයක් ‍නරඹන්නන් වෙත පෙන්විය හැකි අතර මෙහෙයවන්නා පරිගණකයේ කරනු ලබන ක්‍රියාවලිය නරඹන්නාට දැකගත හැකිය. එසේම වෙබ් කැමරා හා මයික් භාවිතා කළ හැකිය. ඉතින් මා විසින් පහත ‍පෙන්වා ඇති තිර සටහන් දෙස බලා මෙය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ ගන්න. ඔබට ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට කොටුවේගෙදර.COM ඔන්ලයින් පන්තියකට සහභාගී වන්න.