මේ ළඟදී දිනයක මගේ මිතුරෙකුට ලොකු ඇබැද්දියක් වෙලා. මිනිහා අලුතින්ම යාළුවුනු ගෑහැණු ළමයයි අනිත් අයයි හරියට මැනේජ් කරගන්න විදිහක් නැතුව මිනිහා අවුලෙන් අවුලට පත්වෙලා. එහෙම අයට මෙහෙම වෙන්නම ඕනේ. ඒත් ඉතින් මගේ යාළුවෙකුට මට පුළුවන් විදිහට උදවුවක් කරන්න එපෑය. මම කියුවා සේරම තොරතුරු දාල දත්ත ගොනුවක් හදාගන්න කියලා මම ඒක කරන ලේසිම විදිහ කියලා දුන්නා. මෙම දත්ත ගොනුව භාවිතා කරලා ගොඩක් වැඩ කරගන්න පුළුවන් මම ඉදිරියට එම පාඩම් කියලා දෙන්නම්කෝ ඉස්සෙල්ලාම දත්ත ගොනුව හදාගන්නකෝ.
වර්ඩ් එකට ගිහින් Mailing ටැබ් එක තෝරාගන්න.


Select Recipient ගිහින් Type New List … තෝරාගන්න 

Customize Columns … යන්න තෝරාගන්න
මීළඟට ඔබට ලැබුනු කවුළුවේ ඇති Delete බොත්තම ක්ලික් කරලා Field Names  යටතේ ඇති නම් ඉවත් කරගන්න.

මීළඟ කවුළුවේ දැක්වෙන Field නම්  Add බොත්තම තෝරලා දාගන්නකෝ.

දැන් Ok බොත්තම තෝරලා තමන්ගේ අයගේ විස්තර සටහන් කරලා මෙම කවුළුවේ ඇති  Ok බොත්තම තෝරාගන්න. දැන් ඔබ මෙම ගොනුවට නමක් දෙන්න. හරියට පෙම්වතියන් වගේ නමක් හොදයි.


අදට ඇති. මීළඟ පාඩමින් හමුවෙමු. (අපේ කාලේ යුනිකෝඩ් තිබුනේ නෑනේ)