සිංහල අකුරු සාදමු (01 පාඩම)

වින්ඩෝස් හී ඉස්කෝලපොත ලාංකික අපට දුන් කදිම තෑග්ගක්ය. සිංහල යුනිකෝඩය හදවත‍ට සමීප කිරීමට ඉස්කෝලපොතින් දුන් සහාය අපමණ ය. බොහෝ පරිගණක වල අදට ද ඇති එක ම යුනිකෝඩ් අක්ෂර වර්ගය වනුයේ ඉස්කෝලපොතය. මෙම ‍අක්ෂර වර්ගය හැර තවත් සිංහල යුනිකෝඩ් අක්ෂර නොමැතිද, වෙනදා පරිගණකයේ දුටු ලස්සන අක්ෂර  යුනිකෝඩ් වනුයේ කවදා ද?. එතෙත් බලා සිටිමුද.. අපට යමක් කල නොහැකිද?

අපි සිංහල අකුරු සාදමු.

ඉතින් යමක් කරන්න කැමති ඔබට මෙම  පාඩම්මාලාව අපූරු අරමුණක් ලබා දෙනු ඇත.

ඔබ‍ ලඟ තිබිය යුතු මෘදුකාංග

Font Lab

 

Microsoft VOLT (Microsoft විසින් නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි)

මේ සියල්ල පරිගණකයේ ස්ථාපිත කොට පාඩමට සූදානම් වෙමු.

එතෙක් යුනිකෝඩයේ ප්‍රයෝජන හදුනාගනිමු.