සැබැවින්ම පව‍සතොත් සිංහල යුනිකෝඩය කිසිදු වැරදීමකින් තොරව ඩොට් නෙට් තුල ක්‍රියාත්මක වේ. මෙම සිංහල යුනිකෝඩ භාවිතය මගින් අපූරු වැඩසටහන් මානව භාෂා කිහිපයක් පරිගණක වැඩසටහනකට පහසුවෙන් ඇතුලත් කළ හැකිය. නමුත් වැරදිලා හෝ වැඩසටහන් තුල ප්‍රතිධාන සැකසීම සදහා ක්‍රිස්ටල් රිපෝට් මෘදුකාංගය භාවිතා කල හොත් ලොකු අමාරුවකට පත්වේ. එනම් ක්‍රිස්ටල් රිපෝට් මෘදුකාංගය යුනිකෝඩ් සදහා සහය දැක්වුවද සිංහල භාෂාව සදහා සහය නොදක්වයි. නමුත් ඒ සදහා හොද විසදුමක් ඇත එනම් අප විසින් සැකසන ක්‍රිස්ටල් රිපෝට් එක PDF බවට හැරවීමය. එහිදී එය ඉතා පහසුවෙන් එය PDF බවට පත්වන අතර මෙම  සිංහල ගැටළුවට හොද විසදුමක් ලැබේ. ඉතින් පහත කේත විෂුවල් බේසික් ඩොට් නෙට් තුල භාවිතා කළ හැකිය.

සකසා ඇති රිපෝට් එකක් PDF කිරීමට

CrystalReport11.ExportToDisk(CrystalDecisions.Shared

.ExportFormatType

.PortableDocFormat, " ක්‍රිස්ටල් රිපෝට් එකට දෙන නම.pdf")

සැකසූ PDF එකක් විවෘත කොට දර්ශනය කරවීමට

 

System.Diagnostics.Process.Start("ක්‍රිස්ටල් රිපෝට් එකෙහි නම.pdf")