Admiring the beauty of Sinhala language

දේශීයකරණය යනු වෙනත් භාෂාවක ඇති වචනවලට සමාන වචන භාෂා විශාරදයන් ලවා තැනීම යැයි සමහරක් සිතති. මින් භාෂාවට අලුතින් වචන ලැබෙන බැවින් අපට සැබෑ සතුටක්, වින්දනයක් හා ආනන්දයක් ලැබිය හැකිය. ඉන් අප භාෂාව පෝෂණය වේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් ද මෙම ලිපිය කිසි විටෙකත් එය හෑල්ලුවට ලක් කිරීමක් නොව අප භාෂාව පරිගණක විශාරදයන්ට ද හදුන්වා දිය යුතුයැයි කීම සඳහා ලියන්නක් මැය.  

සිංහල, දෙමළ වැනි Indic Languages ගණයට වැටෙන භාෂාවන් හී අක්ෂරවල විශේෂත්වයක් ඇත. එනම් මෙම සියලු භාෂාවල කොම්බුව, ඉස් පිල්ල, පාපිල්ල වැනි අක්ෂර වටා යෙදුනු රූපවලින් මෙම භාෂාවන් හැඩගැන්වී ඇත. එවිට එක අක්ෂරයක් සෑදෙනුයේ රූප කිහිපයක් එක් අක්ෂරයක් වටා බැඳෙමින් අපූරු වූ ලාලිත්‍යයක් ද එක්කරමින් ය. උදාහරණයක් ලෙස අක්ෂරය වටා මු, මි, මෙ, මො, මෝ ආදී රූප එකින් එක බැදී එක් අක්ෂරයක් නිරූපණය කරයි. නමුත් කොපමණ හැඩ වැඩ ගැන්වුන ද මෙම අක්ෂරයන් තනිව ගත් කළ එක් අක්ෂරයක් ලෙස හදුනාගත යුතුය.

ඊයේ සවස් වරුව මගේ අලුත්ම කෘතිය සඳහා එක්සෙල් හි ඇති Function හදුන්වා දීමට ගත් හෝරාවක් විය. සිංහල භාෂා අතුරු මුහුණත සෑබෑ ආනන්දයක් එක් කළ අපූරු මිතුරෙකු විනි.  Function බොහොමයක සිංහල තේරුම මෙමගින් විස්තර කෙරෙන බැවින් හා එම Function සඳහා ආදේශ කළ යුතු දත්තයන් ද සිංහලෙන් තිබෙන බැවින් මම ඉන් සැබෑ තෘප්තියක් වින්දෙමි. ඉංග්‍රීසි බස නොදන්නෙකුට මෙමගින් වන මෙහෙය අපමණය. එක්වරම මට Function කිහිපයක් සිංහල යුනිකෝඩයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය විමසා බලන්නට සිත් විය.

Function යුනිකෝඩයේ ඇති අප අකුරුවල මෙම හැඩය හදුනාගෙන ඇත්ද, පහත දැක්වෙන උදාහරණ දෙස මොහොතක් අවධානය යොමුකොට සිතන්න. විය යුත්තේ කුමක්දැයි ඔබ ම තීරණය කරන්න. මට වැරදිලා ද?

 

 

මෙයට දිය හැකි විසදුම කුමක්ද?

පරිගණක විශාරදයන් එක් එක් රටවල තිබෙන භාෂාවන්හි ගති ලක්ෂණ හදුනා ගෙන ඒ අනුව තම ක්‍රමලේඛන ඉදිරියේ දී සැකසීම මෙයට හොඳ විසඳුමක් ය. ඉතින් එය කරන්නට බල කරන්නට ඔබ අදහස මෙම ලිපිය අගට එක් කරන්න.

Admiring the beauty of Sinhala language

The main goal of Unicode is to  represent all characters of all the languages in the world , giving each a unique position. All languages are now placed with  it's unique position with this , So that one language can be translated  into another language much easier and a lot of relationships can be built with other languages  without any hassle.

In Indic languages such as Sinhala, Tamil, scripts comprise of consonants and vowels. A vowel following a consonant is represented by one or more strokes arranged around the consonant. The shape and position of a stroke may vary, depending on the base consonant. The default vowel is indicated by the absence of a stroke. A pure vowel is generally used only at the beginning of a word, and has a distinct symbol. Strokes may not only be placed on any side, i.e., above, below, to the left, or right of a consonant.

But still the Software industry does not understand the pattern of the language above described. There's no trouble with lathing script language such as English, because  only one Unicode shows one character, but  in indic languages such as  Sinhala, Tamil etc, representing one character  might  use more than one Unicode.

For an example   Sinhala මෝ  character uses two Unicodes 0DB8 0DDD but actually මෝ is a one sinhala character. Computer should understand it as one character,

Can it be understood?

Look at the Above table I tried to carryout some function using excel 2007. It gives above results. Not only  excelall other software's interpret these letters as two characters.

Understand the  language beauty. make it as soon as possible.

මෙම වරද නොමැති මෘදුකාංගයක් මිහිපිට ඇත්නම් දන්වන්න.