වෙබ්
අඩවියක් පරිගණකයේ පවත්වාගෙන යාමට නම් එම පරිගණකයේ වෙබ් සවර් මෘදුකාංගයක් ස්ථාපිත
කර ගත යුතුවේ. ලෝකයේ බොහෝ පරිගණකවල වෙබ් සවර් මෘදුකාංගය ලෙස Apache හෝ IIS භාවිතා කරනු
ලැබේ. මෙම මෘදුකාංග දෙකම විවෘත මෘදුකාංග යැයි කියුවොත් ඔබ මා සමඟ යුද්ධයට පැමිනෙනු
ඇත. සැබැවින්ම ඔබ විසින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිළදී ගතහොත් ඒ සමඟ IIS නොම්ලේ ලැබේ. මීට පෙර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය
සමඟ නොමිලේ ලැබුනු මෙම මෘදුකාංගය නොවැදගත් එකක් ලෙස හදුන්වා, IIS නවතා Apache ස්තාපිත කර පරිගණකය වෙබ් සවරයක් කරගන්නට ඇත.
නමුත් දැන් Apache මකා IIS ස්තාපිත කරගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. ඒ අන්
කවර හේතුවක් වත් නිසා නොව එහි ඇති පහසුකම් නිසාවෙන්මය. Apache හී
අපහසුවෙන් කළයුතු කාර්යයන් දැන් පහසුවෙන් IIS තුළ කළ හැකිය.
පහත
තිර සටහනේ IIS හී
දැකගත හැකි පහසුකම් දැක්වේ.
මෙම වෙනස වින්ඩෝස් 7 හී දැකගත හැකිය. වින්ඩෝස් සවර්
2008 හී ද මෙම පහසුකම් මෙලෙසින්ම දැක්වේ. ඉතින් දැන් ඔබ ගන්නා තීරණය කුමක්ද?
1. කළු කැත අමාරු Apache ද?
2. ලස්සන ඇඳිවතින් සැරසුණු IIS ද?
3. මොන එකත් එකද ?