කැහි ගැහැණිය ඇසුරු කළද හොටු ගැහැණිය ඇසුරු කළද වෙනසක් නොමැත්තේ දෙදෙනාම ගැහැණුන් වීම නිසාවෙන්මය. නමුත් එක ගැහැණියක් හැරදා තව ගැහැණියක් වෙත යාමේදී. හැරයන ගැහැණිය ඇසුරු කළ සියළු දෙනාම කැදවාගෙන යා යුතුය. එම ගැහැණිය ඇසුරින් කළ කී මතකයද, කළ කී සියළු දෙයම අළුත් ගැහැණිය වෙත ගෙන යා යුතුය. එවිට කැහි ගැහැණිය හා හොටු ගැහැණිය අතර වෙනසක් නැති බව වඩා ඉක්මනින් වටහා ගත හැකිවනු ඇත.

වින්ඩොස් එක්පී ගැහැණිය ඇසුරු කරමින් සෑදු ගොනු, අප කළ කී සියළු දෙයත්, එය ඇසුරු කළ සියළු දෙනාත් කැදවා ගෙන වෙනත් ගැහැණියක් සොයා යාමේ කාර්යය සඳහා Windows Easy Transfer   පහසුවෙන් යොදාගත හැකිය. වින්ඩොස් එක්ස්පී සමඟ මෙම කුඩා මෙවළම ඔබ වෙත පත් නොවන බැවින් එය මයික්‍රෝසොෆ්ට් අඩවියට ගොස් බාගත කිරීමක් පළමුවෙන්ම කළ යුතුවේ. මින් පසුව ඔබට අවැසි දේ පහසුවෙන් ගෙනයා හැකි ගබඩා ස්ථානයක ගබඩා කරගත හැකිය. මෙය භාවිත කොට ඔබගේ සියලු ක්‍රියාවලීන් වෙනත් එක්ස්පී පරිගණකයට හෝ වින්ඩෝස් සවන් වෙත පහසුවෙන් ආදේශ කොට ගත හැකිය. මෙම මෙවළම වින්ඩෝස් සවන් හී ඇති බැවින් වින්ඩෝස් සවන් ඇත්නම් Windows Easy Transfer  ස්ථාපිත කරගත යුතු නොවේ.   




ඉතින් කැහි ගැහිණිය ගෙන් හොටු ගැහැණිය වෙත යාම ඉතාමත් පහසු බව ඔබට දැන් වැටහෙනු ඇත.